සිය පෙම්වතා හිතවතුන් පිරිසක් සමග ශ්‍රීපාද වන්දනාවේ යන ගමනට විරෝධය පෑ පෙම්වතිය. පෙම්වතා වන්දනා ගමන පිටත්වූ බව දැනගෙන සිත්තැවුලට පත්වී නිවස තුළ ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමේ සිද්ධියක් වරකාපොල නගරයෙන් වාර්තා වෙනවා.
මෙසේ සියදිවි නසා ගැනීමට ලක්ව ඇත්තේ වරකාපොල අඹේපුස්ස කැකිරිදෙනිකන්ද පදිංචිව සිටි ගීතිකා දම්මි 18 වයසැති පාසල් ශිෂ්‍යාවකි. ඇය පාසලේ දක්ෂ නැටුම් ශිල්පිනියකි. මියගිය ශිෂ්‍යාව වරකාපොල තරුණයකු සමග අවුරුදු 06 ක පමණ සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර පෙම්වතා පෙම්වතියගේ නිවසට පැමිණ යහළුවන් පිරිසක් සමග ශ්‍රීපාද වන්දනාවේ යන බව පෙම්වතියට පවසා තිබෙනවා.
පෙම්වතිය එම මොහොතේම එසේ වන්දනා ගමන් නොයන ලෙස විරෝධය පා ගමන නොයන ලෙස තම පෙම්වතාට පවසා තිබේ. පෙම්වතියගේ ඉල්ලීම ගණන් නොගත් පෙම්වතා වන්දනා ගමන ගොස් ඇති අතර ඒ යන ගමන අතරතුරදී පෙම්වතාගේ යහළුවකු දුරකථන ඇමතුමකින් පෙම්වතිය සියදිවි නසා ගෙන ඇති බව පවසා තිබී ඇති අතර පෙම්වතා ගමන නතර කර ආපසු ආ බව දැනගන්නට ලැබිණි.
