රන්ජන් සමඟ පැවැත්වූ තවත් දුරකථන සංවාද දෙකක් හේතුවෙන් කතාවට බහට ලක්වූ ‘පියුමි හංසමාලී’ පසුගියදා ‘රට හැර’ ගොස් ඇති බව වාර්තා වුණා.
ඒ ‘රන්ජන් වැනි දේශපාලන හැකරැල්ලන් ඇසුරු කිරීම පිළිබඳ තමන් කනගාටු වන බව’ට මුහුණු පොතේ ‘සටහනක්’ ද තබමින්.
මේ අතර රන්ජන්ගේ හඬපටයක් ඔස්සේ පෞද්ගලික තොරතුරු රැසක් අනාවරණය වූ තවත් නිරූපිකාවක් ද ‘නිදි පෙති’ පානය කර මිය යන්නට උත්සහ කළ බවට ‘ආරංචියක්’ ද පැතිර ගිය නමුත්, එකී නිරූපිකාව පිළිබඳ වැඩිදුර තොරතුරු වාර්තා නොවීය.
