හික්කඩුව වැල්ලවත්ත ප්රදේශයේ නිවසක පවත්වාගෙන ගිය සූදු පිටියක් වටලා මුදලට බුරුවා ගසමින් සිටි කාන්තාවන් 07 දෙනෙකු හා නිවෙස් හිමි කාන්තාවගේ සැමියා හික්කඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙකී සූදු පිටිය පවත්වාගෙන ගොස් ඇත්තේ නිවෙස් හිමි කාන්තාව විසින් බව පොලිසිය පවසනවා.
අත්අඩංගුවට පත් කාන්තාවන් මුදලට බුරුවා ගැසීම සඳහා මෙකී නිවසට කොස්ගොඩ, අලූත්ගම ආදි විවිධ ප්රදේශවලින් පැමිණ සිට ඇති බව පොලිසිය පවසයි.
මොවුන් ජංගම දුරකථන මාර්ගයෙන් කථාබස්කර ගනිමින් කොස්ගොඩ, අලූත්ගම, හික්කඩුව ආදී විවිධ ප්රදේශවල පිහිටි හිතවතුන්ගේ නිවෙස්වලට ගොස් බුරුවා ගැසීමේ නිරතව ඇති බැව් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
මෙම කාන්තාවන් බුරුවා ගැසීමේ නිරත කාන්තාවන් පිරිසක් බවද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් කාන්තාවන් අතර තරුණියක්ද සිටි බව පොලිසිය පවසයි. මෙම කාන්තාවන් වයස අවුරුදු 40 ඇතුළු විවිධ වයස් කාණ්ඩවල පසුවන අය බව පොලිසිය පවසනවා.
