මැදවච්චිය, පූනෑව ප්රදේශයේ කාන්තාවක් පදවාගෙන පැමිණි යතුරුපැදියක් තුළ පොළගෙක් සිටි පුවතක් ගැන පූනෑව ප්රදේශයෙන් අපට දැනගන්න ලැබුණා.
පූනෑව ප්රදේශයේ කාන්තාවක් ජලය ලබා ගැනීම වෙනුවෙන් පූනෑව ප්රදේශයේ ජල පිරිපහදු ස්ථානයක් වෙත ඊයේ (12) පැමිණ ඇති අතර, අදාළ කාන්තාව පදවාගෙන පැමිණි යතුරුපැදිය තුළ පොළගෙකු සිටින බවට අදාළ ස්ථානයේ සිටි පිරිස දැක අනතුරුව කාන්තාවට පවසා තිබෙනවා.
ප්රදේශවාසීන් පැවසූවේ අදාළ කාන්තාව පොළගා යතුරුපැදිය තුළ සිටියදීම යතුරුපැදිය පදවාගෙන පැමිණ ඇති අතර, කාන්තාවගේ සර්පයා සපා නොකෑම හේතුවෙන් කාන්තාව බේරුණු බවයි.
සර්පයා දැකීමෙන් අනතුරුව ජල පිරිපහදු ස්ථානයෙන් ජලය ලබා ගැනීමට පැමිණි පිරිස යතුරුපැදියේ කොටස් ගලවා සර්පයා එළියට ගනු ලැබීය.
ප්රදේශවාසීන් පැවසූවේ කාන්තාවගේ කාලය හොඳවීම හේතුවෙන් සර්පයා කාන්තාවට හානියක් සිදු නොකළ බවයි.
