හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග ලබාදී තිබෙනවා.
අප අධිකරණ වාර්කාරු සඳහන් කළේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප දෙකක් සහ රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් මත පාඨලී චම්පික රණවක මහතා ඇප මත මුදා හැර ඇති බවයි.
නොසැලකිළිමත්ව හා අපරික්ෂාකාරීව රිය පදවා අනතුරක් සිදුකිරීම, අනතුර සිදුකිරීමෙන් පසු එම ස්ථානයෙන් පලා යාම සහ මාර්ග අනතුරකදී රියදුරා ලෙස වෙනත් පුද්ගලයෙකු ඉදිරිපත් කිරීම යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාව පසුගිය18 වන දින රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.
පසුව හිටපු අමාත්‍යවරයාව අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේ පැමිණිලි පාර්ශ්වය ඔහුව අත්අඩංගුවට ගැනීමට හේතුවූ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් සිදුකළේය.
ඒ අනුව විමර්ශන මුල් අවස්ථාවේ පැවතීම හේතුවෙන් සැකකරු අද(24) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
