Gossip

“විවාහක කාන්තාවකට යැවූ කෙටි පණිවුඩය, 17 හැවිරිදි තරුණයෙකුගේ ජීවිතය අවසන් කළ හැටි” – හලාවතම කැළඹූ සිද්ධිය මෙන්න

තරුණයෙකු විවාහක කාන්තාවකට යැවූ දුරකථන කෙටි පණිවුඩයක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පසු ඇතිවූ ගැටුමකින් අනතුරුව තරුණයෙකු ඝාතනයට ලක්වීමේ පුවතක් හලාවත ඉරණවිල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම ගැටුමේදී තුවාල ලැබූ තවත් තිදෙනෙකු හලාවත මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මියගිය තරුණයා හා තුවාල ලැබූවන් තරුණයන්ගේ පාර්ශවයේ හිතවතුන් වන අතර පිහි ඇනුම සිදුකළ පුද්ගලයන් විවාහක කාන්තාවගේ පාර්ශවයේ බවයි වාර්තා වුණේ.
මෙම ගැටුමේදී මියගොස් ඇත්තේ චින්තක මාලිංග සිල්වා නමැති 17 හැවිරිදි තරුණයෙක්.
මෙම සිදුවීම සමග පොලිසිය පැමිණීමට පෙර ඉරණවිල ධීවර ගම්මානයේ ඇතිවූ නොසන්සුන්තාවයකින් පසු වෑන් රථයකට හා නිවසකට බරපතල හානි සිදුකර තිබුණා.
තවද ගැටුම ඇාරම්භයේදී යතුරු පැදියකටද සිදුව තිබූ බවයි අප වාර්තාකරු පැවසුවේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා හලාවත මූලස්ථාන පොලිසිය වහා පියවර ගත් අතර අමතර පොලිස් බල ඇණි ප්‍රදේශයට කැදවීමටද පියවර ගන්නා ලදී.
මේ සිදුවීමට හේතුවූ ප්‍රධාන සිද්ධිය පිළිබඳව ඊයේ පස්වරුව වනවිට අනාවරණය කර ගැනීමට පොලිසියට හැකිවූ අතර එහිදී අනාවරණය වී ඇත්තේ මෙම සිදුවීමට මුල්වූ විවාහක තරුණිය හා අවිවාහක තරුණයා ඊයේ සිදුවූ ගැටුමට කෙලින්ම සම්බන්ධ වී නොමැති බවයි.
මේ කෙටි පණිවුඩ හුවමාරුව සිදුව ඇත්තේද මීට සතියකට පමණ උඩදී බවද මේ වනවිට අනාවරණය වී තිබෙනවා.
නත්තල සඳහා ගවලෙන සදමින් සිටියදී ඊයේ ගැටුම හටගෙන ඇති අතර ගැටුමට මුල්වූ හතරදෙනෙකු 23 පස්වරුව වනවිට අත්අඩංගුවට ගැනීමට හලාවත මූලස්ථාන පොලිස් පරීක්ෂක ඇතුළු නිලධාරීන් සමත්ව තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!