15 හැවිරිදි බාල වයස්කාර සිසුවියක සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා පසුව ඇයව ඇගේ දෙමාපිය භාරකත්වයෙන් පැහැරගෙන ගොස් අතවර කිරීම පිළිබඳ වරද පිළිගත් 19 හැවිරිදි පෙම්වතෙකුට මීගමුව මහාධිකරණ විනිසුරු අමල් රණරාජ මහතා විසින් වසර 4ක සිරදඬුවම් සහ රුපියල් 15,000ක දඩයක් නියම කර තිබෙනවා.සිරදඬුවම් වසර 5ක කාලයකට අත්හිටුවීමටද අධිකරණය නියෝග කළා. ඊට අමතරව විත්තිකරු වෙතින් අතවරයට ලක් වූ ඔහුගේ පෙම්වතියට රුපියල් 75,000ක වන්දියක් ගෙවීමට ද විත්තිකරුට අධිකරණය නියෝග කළා.මෙම විත්තිකරු විසින් තම බාලවයස්කාර පෙම්වතිය කටාන සරණතිස්ස ගයදී 2007 නොවැම්බර් මස 30 වැනිදා අතවර කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලබා තිබුණා.
