වසර 2024 දී, ඇමෙරිකාවේ නාසා ආයතනය යළි සඳ තරණය කිරීමට නියමිතයි . ඒ, ‘ආටිමීස්’ මෙහෙයුම යටතේ වන අතර ගගනගාමියකු පමණක් නොව, ගගනගාමිනියක ද ‘ආටිමීස්’ මෙහෙයුමට එක් වීමට නියමිත බවට වාර්තා වෙනවා . ඒ අනුව, ඉතිහාසයේ පළමු වරට කාන්තාවක සඳට පය තබනු ඇතැයි නාසා කියනවා..2024 දී ගගනගාමීන් සඳට ගෙන යෑමට තමන් අති ප්රබල රොකට්ටුවක් නිර්මාණය කරන බව නාසා පවසා තිබුණු අතර, පසුගිය දා එම රොකට්ටුව පිළිබඳ තොතුරු ලොවට අනාවරණය කර තිබුණා. මේ රොකට්ටුවේ උස අඩි 212 කි. එය මහල් 20 කින් සමන්විත ගොඩනැගිල්ලක් හා සමාන වනවා. නාසා ආයතනය බොහොම ආඩම්බරයෙන් පවසන්නේ, තමන් නිර්මාණය කළ ‘ප්රබලතම රොකට්ටුව’ මෙය බවය.රොකට්ටුව නම් කර ඇත්තේ එස්.එල්.එස්. හෙවත් ‘ස්පේස් ලොන්ච් සිස්ටම්’ යනුවෙනි. මෙතෙක් මිනිසා විසින් නිර්මාණය කරනු ලැබ ඇති උසින් වැඩිම රොකට්ටුව වන්නේ ද මෙයයි. මාක් 23 ක වේගයකින් ඉහළට යෑමට රොකට්ටුවට හැකියාව තිබෙනවා . එය ද වාර්තාවකි. මාක් 23 ක් යනු පැයට සැතපුම් 17,647.2 ක වේගයක්.
නාසා ප්රධානී ජිම් බ්රයිඩෙන්ස්ටයින්, නව රොකට්ටුව හඳුන්වා දුන්නේ මහත් ආඩම්බරයෙනි. ‘කාන්තා ගගනගාමිනියක සඳට යැවීමේ ආටිමිස් මෙහෙයුමට අප සූදානම්. ‘ස්පේස් ලොන්ච් සිස්ටම්’ රොකට්ටුව අප නිපදවා අවසන්. එය අත්හදා බැලීම ඉදිරි වසර කීපයේ සිදුවේවි. ඒ අනුව, 2024 චන්ද්ර මෙහෙයුම ගැන බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන්’ යැයි ජිම් බ්රයිඩෙන්ස්ටයින් වැඩිදුරටත් පවසා ඇත. 2024 ආටිමීස් සඳ තරණ මෙහෙයුම සිදුවන්නේ, නාසා අඟහරු මෙහෙයුමට පෙරමඟ සැකැසීමක් ලෙසය
