මේ වන විට රට පුරා තරුණ තරුණියන් නගර අලංකරණය කෙරෙහි වැඩි වුනන්දුවක් දක්වමින් කටයුතු කරන හැමෝම දන්න දෙයක්නේ. ඒ අනුව රට පුරා මාර්ගවල ඇති පැති බැමි සහ විවිධ වර්ගයේ පෝස්ටර් අලවා අපිරිසිදු කර ඇති තාප්ප පිරිසිදු කර යළි ඒ මත දැන්වීම් නොඅලවන සේ අලංකාර කිරීමේ කටයුතු රටේ සෑම ප්රදේශයකින්ම පාහේ අපට දැකගන්නට පුළුවන් වෙලා තියෙනවා.
විශේෂ කරැණක් වෙන්නේ තරුණ තරුණියන්ගේ මෙම ක්‍රියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේද ඇගයීමට ලක්ව තිබීමයි. ඒ අනුව ඒ සම්බන්ධයෙන් සිය ස්තූතිය පල කරමින් ජනාධිපතිවරයා ට්විටර් පණිවිඩයක්ද නිකුත් කර තිබුණා.
එම පණිවිඩය පහතින්.
තරුණ පරපුරේ සුභවාදී ආකල්ප, කණ්ඩායම් හැඟීම සහ නායකත්වය රටේ වටපිටාව පමනක් නොව අනාගතයද වෙනස් කරන්නට පදනම දමමින් සිටී. සිය නිර්මාණශීලීත්වය සමාජයට ඵලදායි අයුරින් යොදවන්නට පෙරමුණගෙන සිටින තාරුණ්‍ය හෙටට ඔබින වැඩකරන රටක් ගොඩනැගීමේ පෙරනිමිති පෙන්නුම් කරමින් ඇත. එය මුළු රටටම ආඩම්බරයකි.
