Gossip

සැමියා ඉදිරියේම බිරිඳව සමූහ දූෂණයට ලක්කළ නරුමයන්ට වැඩ වැරදුනු හැටි මෙන්න..

නොච්චියාගම ළිංගල ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී සැමියාගේ ගෙලට පිහියක් තබා ඔහු ඉදිරියේදීම බිරිඳ සමූහ දුෂණයකට ලක්කළ පුවතක් නොච්චියාගමෙන් වාර්තා වනවා.මෙලෙස දුෂණයට ලක්ව ඇත්තේ 27 හැවිරිදි කාන්තාවක්.සිද්ධියට සම්බන්ධ තරුණයින් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට හැකිවු බවත් අවුරුදු 20 සහ 22 වියෙහි පසුවන මෙම තරුණයින් ඉහලවැටියාව සහ නොච්චියාගම නගරයේ පදිංචි කරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.හෙරෝයින් භාවිතයට පුරුදුව සිටින මෙම තරුණයින් දෙදනා මෙම ස්ද්දිය ට ප්‍රථම 30 වන දින රාත්‍රී 7.00ට පමණ ඉහල ගම ප්‍රදේශයේ නිවැසියන් නොසිටි නිවසක වහලයේ උළු ඉවත් කර නිවසට ඇතුළු වී නිවසේ තිබු රෙදි පිළි හා විදුලි උපකරණ තොගයක් සොරාගෙන ගොස් තිබෙනවා.පොලීසිය සදහන් කරන පරිදි ලක්ෂ දෙකක පමණ වටිනාකමකින් යුතු මෙම භාණ්ඩ ඉහල වැටියාව ප්‍රදේශයේ පාළු දේවාලයක සගවා ඇති අතර පසුව පළමුවන දින අළුයම 3.00ට පමණ ළිංගල ප්‍රදේශයේ දුෂණයට ලක්වු කාන්තාවගේ නිවසට ගොස් ඇති බව සඳහන්.නිවසෙහි දොරට තට්ටු කර කතා කිරීමේදී ගෙහිමියා පැමිණ නිවසෙහි දොර විවර කර තිබෙනවා.ඒ සමග එක් සැකකරුවකු ගෙහිමියාගේ ගෙලට පිහියක් තබා ඔහු නිදන කාමරය වෙත රැගන ගොස් ඇති අතර එම කාමරයෙහි ඇද අසල පුටුවක ගෙහිමියා වාඩි කරවා එක් සැක කරුවකු ගෙලට පිහිය තබා මරන බවට තර්ජනය කරන අතර තුර දී අනෙක් සැකකරු ඇද මත සිටි කාන්තාව දුෂණය කර තිබෙනවා.පසුව කාන්තාව දුෂණය කල සැකකරු පැමිණ ස්වාමියාගේ ගෙලට පිහිය තබා ගෙන සිටියදී පළමුව ගෙහිමියාගේ ගෙලට පිහිය ලබාගෙන සිටි සැකකරු කාන්තාව දුෂණය කර ඇති බව සඳහන්.පසුව මෙම සැක කරුවන් දෙදෙනා පලා ගොස් තිබෙනවා.දුෂණයට ලක්වු කාන්තාව වයස අවුරුදු 27ක්. පෙර දින රාත්‍රී සොරා ගන්නා ලද ඇදුම් අතර තිබු වැහි කබා දෙකකින් මුහුණ වසාගෙන පැමිණි සැක කරුවන් පලා යාමේ දී එක් වැහි කබායක් වැටී තිබී පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.ඒ අනුව පොලිස් නිළ සුනඛයින් යොදාගනිමින් පොලීසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එහි දී අනුරාධපුර නිළසුනඛ ඒකකයට අනුයුක්ත නීරෝස් නැමැති නිළ සුනඛයා කිලෝ මීටරයක් පමණ දුර ගොස් නොච්චියාගම නගරයේ දී එක සැකකරුවකු හදුනා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.පොලීසිය සැකකරු අත් අඩංගුවට ගැනීමට උත්සාහ කිරිමේ දී ඔහු පලා ගොස් තිබෙනවා. පසුව පොලීසිය සිදු කල පරික්ෂණ වලදී පලාගිය සැකකරු හා අනෙක් සැකකරු ද ඉහලවැටියාව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන ඇති බව සඳහන්.>අධිකරණ වෛද්‍ය නිළධාරී හමුවට ඉදිරිපත් කළ දුෂණයට ලක්වු කාන්තාව දැනටනොච්චියාගම දිසා රෝහලේ ප්‍රථිකාර ලබනවා.අත් අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (03) සවස තඹුත්තේගම මහේසත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණා.සැකකරුවන් සොරාගන්නා ලද විදුළි උපකරණ හා රෙදි පිළි පොලීසිය විසින් සොයා ගෙන තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!