බිඳ වැටීමට ලක්වු ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි යථා තත්ත්වයට පත් කර ඇති බව ෆේස්බුක් ආයතනය පවසනවා.
ඊයේ දිනයේ අදාළ සමාජ ජාල වෙබ් අඩවිවල අවහිරතා පැවති බවටලොව පුරා රටවල් රැසකින් වාර්තා වී තිබුණ අතර
ඊට හේතුව වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ කිතුණුවන්ගේ තුති පුදකිරිමේ නිවාඩු සමය වෙනුවෙන් විශාල වශයෙන් අදාළ සමාජ ජාල මාධ්‍ය හරහා පණිවුඩහුවමාරු වී තිබීමයි.
ලෝකයේ විවිධ රටවල් තුතිකිරිමේ නිවාඩු සමය විවිධ දිනවල සමරන අතර අමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් නොවැම්බර් මස අවසන් සතියේ බ්‍රහස්පතින්දා එම නිවාඩු දිනය ලෙස නම් කර තිබෙනවා.
කෙසේවුවද මේ වනවිට එම සමාජ මාධ්‍ය සියයට සියයක් යථාතත්වයට පත් කර ඇති අතර සිදුවු අපහසුතාව පිළිබඳ ෆේස්බුක් ආයතනය සිය පරිශීලකයන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.
