Gossip

පාසල් ජීවිතය ඉවර වෙලා ජොබ් එකක් කරන්න ගත්තම මගේ පෙනුම හාත්පසින් වෙනස් වුණා. එදා හැරිලවත් නොබැලූව ගෑනු ළමයි මට ආදරය කරන්න පටන්ගත්තා-අජිත් වීරසිංහ

පාසල් කාලය මතක් වෙද්දි එක්වරම මතකයට එන දඟකාර මතකය මොකක්ද?
ඒ කාලේ ටිකක් මම දඟයි. ක්ලීන් ෂූට් ගහල උදේට ඉස්කෝලෙට ගියාට ගෙදර එද්දි එන්නෙ බොත්තම් කඩාගෙන. හේතුව ඔට්ටු අල්ලලා අපි ගහගන්නවා. ඉස්කෝලෙ තිබුණා රතු පාට මල් පිපෙන ගහක්. ඔය ගහ යටදි හමුවෙමු කියල බැට් කරල අපි ගහගෙන තියනවා. අන්තිමේදි ගෙවල්වලට යන්නෙ මුණුවල් රතු කරගෙන බොත්තම් කඩාගෙන. ඒක තාමත් සුන්දර මතකයක්.

පාසල් කාලය සිහිකර ආදරය ගැන කියන්න කිව්වොත් සිහියට එන්නෙ?
නුවර කියන්නෙ ලස්සන ගෑනු ළමයි ඉන්න පළාතක්. මම ඉස්කෝලෙ ගිය බස් එකෙත් හරි ලස්සන ගෑනු ළමයි හිටියා. මේ කියන කාලේ මට පොඩි දැලි රවුලක් තිබුණ කොල්ලෙක්. හැබැයි දැන් වගේ නෙවෙයි, මම කළුයි, කෙට්ටුයි. ඒ ලස්සන ළමයි කවුරුවත් මගේ දිහා බැලූවෙ නෑ. නමුත් මගේ ඇස් නම් ඒ ලස්සන කෙල්ලෝ දිහාවට හරුණා. ඒත් ඒ මොහොතෙදි වැඩි අවධානයක් නොවූ චරිතයක් මම. එැබැයි පාසල් ජීවිතය ඉවර වෙලා ජොබ් එකක් කරන්න ගත්තම මගේ පෙනුම හාත්පසින් වෙනස් වුණා. එදා හැරිලවත් නොබැලූව ගෑනු ළමයි මට ආදරය කරන්න පටන්ගත්තා.

මුල්ම රැකියාව මොකක්ද?
පෞද්ගලික ආයතනයක අලවි නියෝජිතවරයෙක් විදියට වැඩ කිරීම.

ජීවිතය ජයගන්න පාර හැදෙන්නෙ?
මුල්ම රැකියාවේ සිට ලද අද්දැකීම්, මුල්ම රැකියාවෙන් ලබපු අද්දැකමුත් එක්ක මට රාජ්‍ය දැව සංස්ථාවේ මාර්කටින් මැනේජර් තනතුරට රැකියාවක් ලැබෙනවා.

රඟපාන්න ආසාවක් ඇතිවුණේ?
හීනෙකින්වත් මට රඟපාන්න ආසවක් ඇතිවෙලා නොතිබුණු අවස්ථාවක වෙළෙඳ දැන්වීමක පෙනී සිටින්න ආරධානාවක් ලැබෙනවා. මේ වෙනකොට මම කොළඹ රැකියාවක් කරමින් හිටියේ. පරාක්‍රම නිරිඇල්ල මහත්තයා අහම්බයකින් මාව දැකල ඇහුවා කොමර්ෂල් එකකට ඉන්න කැමතිද කියලා. ඒ තමයි ආරම්භය. ඊට පස්සෙ ගොඩක් කම්පැනි වලින් ඉල්ලන්නෙ මාව. මම හිතන්නෙ ඒ කාලේ වෙළෙඳ දැන්වීම් පහළොවකට වඩා මම ඉඳල ඇති

සබකෝළය කියන හැඟීම ජීවිතයේ මුලින්ම ඇතිවෙච්ච දවස මතකද? මොකක්ද ඒ සිදුවීම.
විශ්වාස කරන්න මට සබකෝළය කියන දේ නම් කවදාවත් දැනිලා නෑ. ඒකට හේතුවෙන්න ඇත්තෙ ක්‍රිකට් ක්‍රීඩකයකු විදියට මම ග්‍රවුන්ඞ් එකට එන්නෙ ඕපනින් බැස්ට්මන් විදියට. තරගයේ පළවෙනි බෝලයට මුහුණ දෙද්දී පීඩනය කියන එකට මුහුණ දෙන්න හුරුවෙලා හිටියේ. බිංදුවෙන් අවුට් වුණොත් පිටියෙ ඉන්න අය මොනව හිතයිද? මම ඒවා ගැන සැලකිලිමත් වුණේ නෑ. රංගනයට එද්දි මේ අද්දැකීම මට ලොකු ප්‍රයොජනයක් වුණා කියල මම විශ්වාස කරනවා.

තරුණ වයසෙදි මිනිස්සුන්ගෙ සිතුවිලි හරි රැඩිකල්. විනෝදයට බරයි. ඔබ එම වයසෙදි විශේෂයෙන් ප්‍රිය කළේ?
ඇවිදින්න. පරිසරය දකින්න. මගේ හිටිය මිතුරන් බොහෝ දෙනෙක්ට මෝටර් බයිසකල් තිබුණා. මේ බයික්වල නැඟලා ලස්සන තේ වතු වල නිතර සංචාරයේ යන්න අපි පුරුදු වෙලා හිටියා. පරිසරයක් එක්ක ගෙවුණු ඒ කාලය හරි විනෝදකාමී ජීවිතයක්.

තරුණ වයසෙදි දැනෙන ආදරය කියන හැඟීමත් එක්ක ඔබට ලැබුණු මතකයේ රැඳුන දේ ගැන ආවර්ජනය කළොත්?
ලස්සන අදහස්. ලස්සන අකුරු. ඒක තමයි මම වින්ඳේ. ඒක තමයි අදටත් මගේ මතකයට එන්නෙ.

ඔබ මොනවගේ පුද්ගලයෙක්ද කියල ඇහුවොත් විස්තර කරන්නෙ කොහොමද?
පොඩි කාලේ ඉඳන් මම හරිම සංවේදී පුද්ගලයෙක්. අතේ තියන ගාණ වියදම්කරගෙන පාරෙ ඉන්න යාචකයන්ට කන්න දෙන අසරණ මිනිස්සු දැක්කම පුළුවන් විදයට උදව් කරන පුරුද්දක් තියන කෙනෙක් මම. ඒ හැරුණාම මම අලූත් නිර්මාණ කරන්න කැමතියි. පසුකාලීනව මගේ ව්‍යාපාර දියුණු වෙන්නත් මගේ මේ කැමත්ත උපකාරී වුණා. වර්ටිකල් ගාර්ඩින් සිස්ටම් කියන ගෘහ පරිසර අලංකරණ ක්‍රමය ලංකාවට හඳුන්වාදුන්නෙ මම. හැම වෙලෙම ජීවත්වන පරිසරය ලස්සන කරන අලූත් දෙයක් කරන්නයි මට අවශ්‍ය.

ඔබට අකමැති මිනිස්සු ජීවිතයේදි හමුවෙලා තියෙනවනම් ඔවුන් ඔබේ මොන ගතිගුණයට අකමැති?
තවම එහෙම කෙනෙක් දැකල හමුවෙලා මූණට කිසිවක් කියා නෑ. මම සරලව ජීවත්වෙන මනුෂ්‍යයෙක් නිසා කවුරුත් මට ආදරේ ඇති.

ඔබට මේ ජීවිතයේදි හදා ගැනීමට අවශ්‍යයි කියල හිතෙන ගතිගුණයක් නැද්ද?
සංවේදි වැඩිකමටද කොහෙද මම හරියට මිනිස්සු විශ්වාස කරල වැරදුණ තැන් තියනවා. ඒක හදාගතයුතු දෙයක්.

මේ තාක් නොලබුණ අනාගතයේදී හෝ නිරූපණයට කැමති චරිතය මොකක්ද?
කතාකිරීමට අපහසු ගොළු මිනිසකුගේ චරිතයකට කැමතියි. ඉතා සංවේදීව එය කළ හැකි බව මට විශ්වාසයක් තියනවා.

අජිත් නළුවෙක් වෙන්න ඕන කියල හිතුවෙ ඇයි?
කවදාවත් හිතල තිබුණේ නෑ. ඉබේම ලැබුණ දෙයක් ඒක.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!