ජනාධිපතිවරණයට තවත් තියෙන්නේ දින දෙකකට ආසන්න කාලයක්.
මේ දවස්වල හැමතැනම වගේ කතාවෙන්නේ සෙනසුරාදා පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන.
ජනාධිපතිවරණ වේදිකාව උණුසුම් කරමින් ජනප්‍රිය චරිත මේ දවස්වල දේශපාලන වේදිකාවලට ගොඩවෙනවා.
පසුගියකාලේ පුරාවටම ඒ විදිහට දේශපාලනයට පිවිසෙනවා කියලා වැඩි කතාබහක් ඇති කළ චරිත අතර ඉදිරියෙන් සිටි කෙනෙක් තමයි සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර.
සමාජ මාධ්‍ය හරහාත් මේ ගැන ලොකු කතාබහක් ඇති කළා.
කොහොම වුණත් මේ ගැන නිහඬ පිළිවෙතක් අනුගමනය කළ සංගා සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබුණා.
ඒ “සමාජ මාධ්‍යවලට අනුව මම දැන් සෑම දේශපාලන පක්ෂයකටම සහ සෑම අපේක්ෂකයෙක්ටම සහය පලකර තිබෙනවා.” යනුවෙන්.
එම සටහන පහතින්…
