ස්ටෙපාන් කියන්නේ රුසියානු යුවළක් වන ස්වෙට්ලානා සහ යූරි පැන්ටෙලෙන්කෝ විසින් හදා වඩා ගන්නා දැවන්ත ග්රිස්ලි වලසායි (grizzly bear)
දෙපයින් සිට ගත් විට අඩි 7 ක් විතර උස මේ දැවැන්තයාගේ බර කිලෝග්රෑම් 300 විතර වෙනවලු.
රුසියානු යුවලට මේ වලසාව හමුවෙන්නේ කැලේ යන එන මං නැතුව අතරමං වෙලා ඉද්දි. ඒ වෙනකොට එයාගේ වයස මාස 2 ක් විතර වෙනවලු .එයාගේ අම්මව දඩයක්කරුවන් මරා දමලා කියලා තමයි රුසියානු යුවල කියන්නේ . මේ වලස් පැටියාට දෙමාපියන් වෙන්නේ මේ කරුණාවන්ත රුසියානු යුවල ඉදිරිපත් වෙලා තියෙනවා.
දැන් මේ දැවැන්ත ස්ටෙපාන්ව රුසියාවේ නොදන්නා කෙනෙක් නැති තරම්…ඒ තරමට එයා ජනප්රියයි.
පසුගිය දවසක ස්ටෙපාන් එක්ක කරපු අපුරු ෆොටෝ ෂූට් එකක පින්තූර ටිකක් අන්තර්ජාලයේ පල වෙලා තිබ්බා. මේ පින්තූර ලෝකයේ බොහෝ දෙනා අතර ගොඩක් කතාබහට ලක්වෙලා තිබුණා.

