Gossip News

බීමත් පුතා විසින් තම පියා සහ නැන්දනිය මරාදාලා..බිරිඳටත් බරපතල තුවාල..

බීමත් පුද්ගලයෙකු විසින් තමන්ගේ පියා සහ නැන්දනිය ට පිහියෙන් ඇන ඝාතනය කල සිදුවීමක් උඩුදුම්බර, 5හේ කණුව නාගොල්ල, කහටලියද්ද ප්‍රදේශයේන් වාර්තා වෙනවා.

නිවසේදී ඊයේ රාත්‍රි 08.45ට පමණ ඝාතනය සිදුව ඇති අතර බීමතින් පැමිණි පුද්ගලයා තම බිරිඳ සමඟ ඇතිකර ගත් ආරවුලක් දුරදිග යාමෙන් ඝාතනය සිදුවී තිබෙනවා.

53 හැවිරිදි සැකකරුගේ පියා සහ 45 හැවිරිදි නැන්දනිය එමස්ථානයේදීම මියගොස් ඇති බව පොලීසිය පැවසූ අතර සැකකරු විසින් බිරිඳටද පිහියෙන් ඇණ ඇති අතර ඇය බරපතළ තුවාල ලබා උඩුදුම්බර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව උඩුදුම්බර පොලීසිය පැවසනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!