මුහුදු පතුලේ තාක්ෂණික සමීක්ෂණ සඳහා යොදාගන්නා උපකරණයක කොටසක් හලාවත මුහුදෙන් සොයාගෙන තිබෙනවා.
පොලීසියට ලද තොරතුරක් මත නාවික හමුදාව විසින් ඊයේ(19) එය සොයාගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික සිල්වා මහතා සඳහන් කළේය.
අදාළ උපකරණ කොටස මේ වන විට පුත්තලම නාවික හමුදා කඳවුර භාරයේ පවතින බව සඳහන්ය.
එම උපකරණය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.