Gossip

52 හැවිරිදි බෑනා 73 හැවිරිදි නැන්දම්මා දූෂණය කරලා

coercion

වයස අවුරුදු 73ක් වන තම නැන්දම්මාව දුෂණය කළ බව කියන බෑනා කෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව කොස්වත්ත පොලීසිය කියයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුවිල – වැරැල්ල වත්ත පදිංචිකරුවෙකි.

52 හැවිරිදි වියේ පසුවන සැකකරු කුලී වැඩ කර ජීවිකාව පවත්වා ගෙන යන අයෙකු බව හෙලිවී ඇතැයි පොලීසිය කියයි.

අතවරයට පත්ව ඇති කාන්තාව සැකකරුගේ බිරිඳගේ මව බව පොලීසිය කියයි.ඇය තම දරුවන් විවාහ වීමෙන් අනතුරුව ලුනුවිල – රජවත්ත ප්‍රදේශයේ තනිවම පදිංචිව සිටින කාන්තාවකි.

පසුගිය 16 වැනිදා රාත්‍රී 11.00 ට පමණ තම නිවසට පැමිණි  සැකකාර බෑනා බලහත්කාරයෙන් තමන්ව දුෂණය කර පලා ගිය බව අතවරයට පත්ව ඇති කාන්තාව පොලීසිය හමුවේ පවසා ඇත.

නමුත් තමන් එවන් අපරාධයක් සිදු නොකළ බව සැකකරු පොලීසිය හමුවේ පවසා ඇත.අතවරයට පත්ව ඇති බව කියන කාන්තාව අධිකරණ වෛද්‍යවරයාගේ පරීක්ෂාව සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. කොස්වත්ත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

මේ අතර වයස අවුරුදු 15ක පාසල් සිසුවියක දුෂණය කළ බව කියන යුධ හමුදාවෙන් පලාවිත් සිටි සෙබළෙකු අත්අඩංගුට ගෙන ඇති බව පල්ලම පොලීසිය කියයි.

අතවරයට ලක්ව ඇත්තේ ආඬිගම – කාලයාගම ප්‍රදේශයේ පදිංචිව සිටින පාසල් සිසුවියකි.

අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අවසන් වරට විජයබාහු පාබල රෙජිමේන්තුවේ කිලිනොච්චිය – භාරතීපුරම් කඳවුරේ සේවය කරමින් සිට ඇත.

යුධ හමුදාවෙන් පලා විත් සිටි සැකකරු පදිංචිව සිට ඇත්තේද ආඬිගම – කාලයාගම ග‍මේම බව පොලීසිය කියයි.

අතවරයට පත්ව ඇති දැරිය හා සැකකරු අර ප්‍රේම සම්බන්ධතාවයක් තිබී ඇත.අඹු – සැමි ඇසුරක් දක්වා එම සම්බන්ධතාවය දුර දිග ගොස් තිබූ බවට තොරතුරු ඇති බව පොලීසිය කියයි.

පසුගිය 18 වැනිදා සැකකරු සහ දැරිය පාළු නිවසක සිටිනු ඇයගේ සහෝදරයෙකු දැක ඇත.

සහෝදරයා විසින් මේ බව තමන්ගේ දෙමව්පියන්ට දන්වා ඇත.ඒ අනුව කරන ලද විමසීමකදී දැරිය පවසා ඇත්තේ සැකකරු විසින් තමන්ට අතවර කර ඇති බවය.

අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා හලාවත මහා රෝහලට යොමු කර ඇත.සැකකරු පුත්තලම දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!