Health & Beauty

උදේ ඔයා ඇහැරෙනකොට හැමදාම වගේ අවුල් සහගත, ව්‍යාකූල තත්වයක් දැනෙනවද? උදෑසන ඇහැරුණ වෙලාවේ ඉදන් මනසට කිසිම නිදහස් නැද්ද?

ඇත්තටම මේ තත්වය ඇතිවෙන එක අපිටම නවත්ත ගන්න පුළුවන්. අපිට පුළුවන් හැම උදෑසනක්ම නැවුම් විදියට පටන් ගන්න.
හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ සාමකාමී උදෑසනක්.කලින් දවසේ රෑ අපිට පුළුවන් අනිත් දවසට අවශ්‍ය දේවල් ලැහැස්ති කරලා තියන්න.ඊළග දවසේ කරන්න තියන වැඩ plan කරන්න පුළුවන්. උදේට අපිට පිළිවෙලට වැඩ කරගන්න ඒ දෙයින් ලේසි වෙනවා. ඔයා ඔයාගේ සැමියා රැකියාවක් කරන කෙනෙක් නම් දරුවන් පාසල් යනවනම් කලින් දවසේ රෑ ඇදුම් පැලදුම් සූදානම් කරලා තියන එක උදේට ලේසි. ඒ වගේම රැකියාවට යන්න කලින් කෑම හදන්න වෙනවා. එකට කලින් දවසේ අවශ්‍ය දේවල් සූදානම් කරලා තිබ්බනම්
උදේට උයන්න පහසු වෙනවා.

රෑට නිදියන්න කලින් නිවස පිරිසිදු කරන්න. අපිරිසිදු කුස්සිය, හැඩිවුණු කාමර නිසා උදේම අපේ ඔලුව අවුල් වෙනන පුළුවන්. ගෙදර පොඩි දරුවො ඉන්නවනම් එයාලා හැඩිකරන එක සාමාන්‍ය දෙයක්.දරුවන් හවුල් කරගන ඒ දේවල් අස් කරලා පිරිසිදු කරන්න අපිට පුළුවන්. උදේට අපිට ගොඩක් ලේසි වෙනවා මේ විදියට කලින් දවසේ පිරිසිදු කලාම.

උදාහරණයක් වශයෙන් උදේ 5ට නැගිටිනවනම් alarm එක තියන්න විනාඩි 10වත් කලින්. එතකොට පුළුවන් නිදහසේ නැගිටින්න. පරක්කු වෙනවා කියාලා පීඩනයෙන් අවදිවෙලා කලබලයෙන් වැඩ කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ.

උදෑසන ආහාර වේල ඉතාම වැදගත්. නිදහසේ වාඩිවෙලා හොද පෝෂ්‍යදායි ආහාර වේලක් ගන්න වගබලා ගන්න. ඒ ආහාර වේල තමා දවස පටන්ගන්නකොට අපිව ප්‍රබෝධමත්ව ශක්තිමත්ව තියන්නේ.

ඔයාට තේරෙනවනම් දැනෙනවනම් ඔයා ඉන්නේ ලොකු පීඩනයකින් කියලා ඔයා කැමති ඔයාව සන්සුන් කරන හොද සංගීතයකට සවන්දෙන්න. මනස නිදහස් කරගන නිරවුල් කරගන දවස පටන්ගන්න මේ දේ ඔයාට උපකාරී වේවි.

අපිට පුළුවන් අපි කැමති දෙයක් පුරුද්දක් වශයෙන් හැමදාම උදේට කරන්න.උදාහරණයක් වශයෙන් ව්‍යායායම කරන්න පුළුවන්. භාවනා කරන්න පුළුවන්. කැමති පොතක් කියවන්න පුළුවන්. නිදහසේ කෝපි කොප්පයක රසවිදින ගමන් පත්තරයක් කියවන්න පුළුවන්. මේ
වගේ අපි කැමති දෙයක් කරලා හිත සැහැල්ලු කරගන දවස පටන් ගන්න පුළුවන්.

මේ පුංචි උපක්‍රම වලින් පුළුවන් උදෑසන අපිට ඇතිවෙන ව්‍යාකූල තත්වයන් මගඇරගන දවස උද්යෝගිමත්ව ආරම්භ කරන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!