Health & Beauty

ලස්සන රුවක් ගැන ඔබ සිහින මවනවාද? එහෙනම් නින්ද ගැන වැඩි අවධානයක් යොමු කරන්න..

ගොඩක් දෙනෙක් තමක්ගේ රූ සපුව ලස්සන කරගන්න සැලකිලිමත් වන්නේ වගේම අවධානය යොමු කරන්නේ බාහිර අලංකරණය
ගැන පමණයි. ඒත් ඇත්තටම තමන්ගේ රූ සපුව වර්ධනය කරගන්න භාහිර අලංකරණයට වඩා කායික නීරෝගී භාවය ඉතා වැදගත්.
ප්‍රධාන වශයෙන් නින්ද වැදගත් වෙනවා තමන්ගේ රුව වර්ධනයට. ඒ වගේම නීරෝගී භාවයටත් නින්ද ඉතා වැදගත් අංගයක්. නින්ද යනු මානසික සැහැල්ලුව සදහා ඇතිවන්නකි. මේ නින්ද තමයි රුසපුව වර්ධනයට ඉවහල් වන්නේ. උදෑසන සිට රෑ වෙනතුරු බොහෝ දෙනා තම ශරීරය වගේම මනසත් ගොඩක් වෙහෙසනවා. රාත්‍රි නින්ද තමයි ශරිරය සහ මනස යතා තත්වයට පත් කරන්නේ. සාමාන්‍යයෙන් ළදරුවෙක් පැය 20 ක් ද කුඩා දරුවෙකුය පැය 14 කාලයක් ද වැඩහිටියෙකුට 6-8 අතර කාලයක් ද වගේම ගර්භනී මව්වරුන්‌ට පැය 10 පමණ වේලවක නින්දක් අවශ්‍යවෙනවා.

නින්ද අඩුවූවොතින් බලපෑම් ඇතිවෙන්නේ ස්නායු පද්දතියට. මතක ශක්තිය ඇඩුවීම,ඇස් පෙනීම දුර්වල වීම, සාංකාව, දිවා කාලයේ
ඇතිවෙන අධික විඩාබර බව, ක්‍රියාශීලී බව අඩුවීම, අධික මහන්සිය,සම අවපැහැ ගැන්විම, ඇස්වටා කලු වීම, ඇස්වල රැලි ඇති වීම වගේම මලානික බව නින්ද නොලැබීමෙන් ඇතිවෙන බලපෑම් අතරට එක්වෙනවා. බොහෝ වෙලාවට නින්ද නොයන්න හේතුකාරකයන් වන්නේ නිරාහාරව නින්දට යෑම,දිරවීමට අපහසු කෑම ගැනීම, බොහෝ වේලාවක් ජංගම දුරකථකය භාවිත කිරීම, නිනදට පෙර තේ, කෝපි වැනි දේ පානය කිරීම වගේම කායික මානසික අවිවේකය නිරවුල් මනසක් නැති කම බලපානවා.

හොද නින්දක් ලබා ගන්න නිරවුල් මනසක් අත්‍යාවශ්‍යයි. නිරවුල් මනසක් ඇති කර ගැනීමට මානසික අභ්‍යාස වල නිරතර වීම වැදගත්.භාවනා කිරීම ද, සියුම් සංගීතයට සවන්දීමද වැදගත් වෙනවා. මානසික නිරවුල් භාවය වැදගත් වගේම කායික පිරිසිදු බවත් හොද නින්දකට ඉතා වැදගත්. දිවා කාලයේ විනාඩි 10-15 ව්‍යායාම වල නිරතවීම ද, රාත්‍රීට සුළු ආහාර වේලක් ගැනීම ද, ආහාර ගෙන පැය 2 පසු නින්දට යෑමද, නින්දය යෑමට පෙර උණු වතුරින් ඇග සෝදා පිරිසිදු ඇදුමකින් සැරසීමද, නිදා ගන්නා ස්ථානයට හොදින් වාතාශ්‍රය ලැබෙන තැනක් තොරා ගැනීමද සුවබර නින්දක් ලගා කරගැනීමට හේතුකාරක වනවා.

ඔබේ රූ සපුව වැඩිකරගන්න වගේම නීරෝගී භාවය වැඩිකරගන්න සුව නින්දක් ළගා කරගන්න හැම විටම උත්සහ කරන්න. දීර්ඝ ආයුෂ වගේම දෛනික කටයුතු වල පහසුව වගේම මානසික සංතෘප්තිය ළගා කරගන්න හොද සුවබර නින්දකින් ඔබට හැකිවෙනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!