බංගලාදේශය හා ශ්රී ලංකාව සමග පැවති අවසන් ටෙස් තරඟය (31) නුවන් කුලසේකර වෙනුවෙන් නම්කර තිබුණා . එම තරඟත් ශ්රී ලංකාව ඉතා පහසුවෙන් ජයග්රහනය කළා.
කුලේ වෙනුවෙන් නම් කරලා තිබ්බ තරඟයේ දී ඔහු විසින් සිය සමුගැනිමේ කතාවෙන් මේ විදියට ඉල්ලීමක් කරලා තිබුණා.
“මගේ පුංචි ඉල්ලීමක් තියෙනවා ක්රිකට් ආයතනයෙන් හොඳ සමුගැනීමක් නැති බොහෝ ක්රීඩකයන් ඉන්නවා. ඔවුන් වෙනුවෙන් මොකක් හරි කරන්න”
ඒ වගේම කුලේට ලසිත් මාලිංගව අමතක වුණේ නැහැ. “ලසිත්ගේ කතාව නිසයි මාව නැවත ජනප්රිය වුණේ.මට ශක්තියක් වුණ සියළු දෙනාටම ස්තූතිය ප්රකාශ කරනවා” කියලා කුලසේකර ඔහුගේ කතාවේ දි ප්රකාශ කළා.
“ප්රේක්ෂකයන් මාත් එක්ක හිටියා වගේම අපේ ජාතික කණ්ඩායමත් සමග ඉන්න. ඒ ශක්තිය ඔවුන්ට ගොඩක් ඉවහල් වෙනවා.මට විශේෂිත දෙදෙනෙක් ඉන්නවා මාව ක්රිකට් වලට යොමු කරපු ෂම්මි ප්රසන්න අයියා හා මගේ පුහුණුකරු චම්පක රාමනායක සර්”
