ඊසානදිග චීනයේ ජිලින් පළාතේ ෂුයුන් ජල උද්‍යානෙය් තටාකයේ තරංග යන්ත්‍රයක් කැඩී යාම නිසා අඩි 10 ක ‘සුනාමියක්’ හේතුවෙන් 44 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් බොහෝ දෙනෙක්ගේ ඇටකටු කැඩී ගොස් තිබෙන බවට වාර්තා වෙනවා. පිහිනුම් ක්‍රීඩකයින් හදිසියේ හා අනපේක්ෂිත දැවැන්ත රැල්ලට හසුවෙන ආකාරය වීඩියෝ දර්ශණයක දැක්වෙනවා. රැල්ල ‘සුනාමියක්’ ලෙස විස්තර කරන හොලිඩේමේකර්ස්ලා, ජලය බාධකයට ඉහලින් විසිරී යන බව දැනගන ආරක්ෂාව සඳහා දිව යන අයුරු එම වීඩියෝවේ සදහන් වෙනවා.
පසුකාලීන දර්ශනවල කාන්තාවක් කකුල් වලින් ලේ ගලමින් බිම වැතිර සිටින අයුරු දකින්න ලැබෙනවා.ඊසානදිග චීනයේ ජිලින් පළාතේ ෂුයුන් ජල උද්‍යානයේ ප්‍රකාශකයෙකු පැවසුවේ ‘එය යාන්ත්‍රික දෝෂයක් නිසා ඇති වූවක්. තුවාල ලැබුවේ 10 දෙනෙකු පමනි. අලුත්වැඩියා කටයුතු සඳහා තරංග තටාකය දිනක් වසා දමා තිබුණි. එය දැනටමත් සවි කර ඇති අතර හෙට විවෘත වේ. ’එහෙත් නිලධාරීන් පැවසුවේ 44 දෙනෙකු තුවාල ලබා ඇති අතර තිදෙනෙකු තවමත් රෝහලේ සිටිබවයි.
