බොලිවුඩයේ රජු ලෙස හදුන්වන කින් ඛාන් නැත්තම් ෂාරුක් ඛාන් ගේ ආදරණිය දුව සුහානා ඛාන් මෑතකදී සිය අධ්‍යපන කටයුතු ඉවර කරලා නැවත තමන්ගේ රටට ඇවිත් තියනවා. ඇය මේ වෙනකොට රංගන හා නර්තන කුසලතා වර්ධනය කර ගැනීම සඳහා සූදානම් වන බවක් තමයි ආරංචි වෙනනේ. ඇය පිලිබඳව නැවත කතා කරන්න පෙළඹිලා තියෙන්නේ ඇය තමන්ගේ නර්තන උපදේශක සංජනා මුත්රෙජා සමඟ සිටින ඡායාරූපයක් මාධ්‍ය හරහා හුවමාරු වීමත් සමගයි. සංජනා පවසන්නේ සුහානා හරිම තේජාන්විතව හා ලස්සනට නර්තනයේ යෙදවා කියලා තමයි.
සුහානාගේ සහෝදරයා ආර්යන් ඛාන් සිනමාවට පිවිසියේ ද ලයන් කිං හි සිම්බාගේ චරිතයට හඩකැවීම මගින්ය. සුහානාත් දැන් සිනමා දිවියට පිවිසෙන්න හදන බවට ගොඩක් කටකතා පැතිරෙනවා කියලා තමයි බොලිවුඩයෙන් ආරංචි වෙන්නේ.සුහානා සිය විශ්ව විද්‍යාලයේ නාට්‍ය විශිෂ්ටත්වය වෙනුවෙන් විශේෂ සම්මානයක් දිනාගත් බවටද වාර්තා වෙනවා.