අක්ෂා සුදාරි කියන්නේ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියක්නේ. ඉතින් ඇය පසුගිය කාලයේ කතාබහට ලක්වුයේ ඉන්දියානු ව්‍යාපාරිකයෙකු යෙන් කෝටි 20ක් ලබා ගත් බවට මේ වන විට උසාවියේ පවතින නඩුවක් නිසානේ.
ඔන්න දැන් අක්ෂා ආයෙමත් කතාබහට ලක්වෙන්න පටන් අරගෙන. මේ පුවතින් කියවුණේ ඇය ශෂී හේවගේ නම් වූ මෝස්තර නිරූපිකාවකට පහරදීමක් සිදුකිරීමක් සම්බන්ධයෙන්.
කොහොම වුණත් මේ කතාවේ ඇත්ත නැත්ත නම් අපි දන්නේ නැහැ හැබැයි අපි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් විමසූ විට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් මිරිහාන පොලිසියට ද ඉදිරිපත් වෙලා තියෙනවා කියලනම් කිව්වා.
කොහොම වුණත් අක්ෂා සුදාරිත් මේ ගැන කොහුවල පොලීසියට පැමිණිල්ලක් යොමු කරලා තියෙනවා කියලයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ.
අක්ෂා ඇගේ මව සමග මීට පෙරත් රූපලාවන්‍යාගාරයකදී කාන්තාවකට පහරදීමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටියා.
