Gossip News

රට වටේම ගේම් ගහපු ගේම්කාරයා සිසිටිවි නිසා මාට්ටු වුණු හැටි..Photos

හැටන් පොලිස් අපරාධ විමර්ෂණ අංශය විසින් 19 වෙනිදා නිවාස සහ වෙළදසැල් රැසක ස්වර්ණාභරණ සොරකම් කරන තරුණයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.මෙම තරුණයා ප්‍රදේශ රැසක ස්වර්ණාභරණ සොරකම් කර ඇති බවට පොලීසිය පවසනවා.

මස්කෙලිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු මිට කලින් සිදු කල සොරකම් ගණනාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක් බන්ධනාගාරව සිට පසුගිය දා නිදහස් වි පැමිණි අයෙකු බව හැටන් පොලිසිය විසින් සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වී තිබෙනවා.

මෙම තරුණයා නෝර්වුඩ් සහ මස්කෙලිය යන නගර වල නිවාස සහ වෙළදසැල් ගණනාවකටම දිවා සහ රාත්‍රී කාලයේ ඉතා සූක්ෂම අයුරින් ඇතුල් වෙලා ස්වර්ණභරණ සහ මුදල් සොරාගන ඇති බවට පොලිසිය පවසනවා.

මෙම සැකකාර තරුණයා පසුගිය 13 වන දින හැටන් නගරයේ නිවසකට දිවාකාලයේ ඇතුල් වී ස්වර්ණාභරණ සොරකම් කිරිම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ නිලධාරින් හැටන් නගරයේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර බලා ඒ අනුව සැකකරුව හදුනාගෙන පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු සොරා ගන්නා ලද ස්වර්ණාභරනණ වලින් කොටසක් මස්කෙලිය ප්‍රදේශයේ පෞද්ගලික වෙළදසැලක උකස් කර තිබියදි පොලිස් භාරයට ගෙන ඇති අතර තවත් ස්වර්ණාභරණ කිහිපයක් සැකකරුගේ නිවසේ සගවා තිබියදි පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඔහු ලග තිබි රුපියල් ලක්ෂ 2 මුදලක් ද ඔහු විසින් සොරකම් කරන ලද රුපියල් හයලක්ෂ පනස්දහසක් වටිනා ස්වර්ණාභරණ හැටන් පොලිසියේ අපරාධ විර්ෂණ අංශයේ නිලධාරින් විසින් මේ වන විට සොයගෙන ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් තරුණයා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බවට වාර්තා වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!