Gossip

ඉන්දියාව පරාජය කරමින් නවසිලන්තය ලෝක කුසලාන අවසන් මහා තරඟයට ගිය හැටි

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබිමට නවසිලන්ත කණ්ඩායම සමත්වුණා.
ඒ ඉන්දියානු කණ්ඩායම ලකුණු 18කින් ජය ගැනිමින්.
නවසිලන්ත කණ්ඩායම පන්දුවාර 46යි පන්දු එකකදි කඩුලු 5ක් දැවි ලකුණු 211ක් ලබා සිටි අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කල ලකුණු සංඛ්‍යාව 239 යි.
ඒ අනුව පිළීතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 2ක් අවසානයේ සියලුදෙනා දැවි ලබා ගැනිමට හැකිවුයේ ලකුණූ 221ක් පමණයි.
විරාත් කොලි , ලොකෙෂ් රාහුල් සහා රොහිත් ශර්මා නවසිලන්ත පන්දු යවන්නන් හමුවේ දැවී ගියේ එක් ලකුණක් පමණක් ලබා සිටියදී.
මහෙන්ද්‍ර සිං දෝණි ලකුණූ 50ක් ලබාගත්තා.
ඒ අනුව ඔස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර හෙට පැවැත්වෙන් දෙවන අවසන් පුර්ව තරඟයෙන් ජය ගන්නා කණ්ඩායම සමග නවසිලන්තය අවසන් මහා තරඟයට පිවිසෙනු ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!