Gossip

“ආදරය කියන්නේ සුන්දර හැඟීමක්.. මම පසුතැවෙන්නේ නෑ..” – දෙවෙනි ඉනිමේ අශෝක, අනෝමා ජිනාදරීව විවාහ කරගනීද..?- Exclusive

අශෝක කියන නම ඇහුණු ගමන් මතක් වෙන්නේ ආ මේ දෙවෙනි ඉනිමේ අශෝක අයියනේ කියලා.
දෙවැනි ඉනිමේ අශෝක නමින් ඔහු චණ්ඩියෙක් වුණත් සැබෑ ජීවිතේනම් සංවේදී අහිංසක චරිතයක් කියලා තමයි අපිට ආරංචිය.
කොහොම වුණත් මේ චරිතය හරහා ලොකු ජනප්‍රියත්වයක් හිමිවෙලා තියෙන චාමර එහෙමත් නැත්නම් අශෝකට අපි කතා කරලා බැලුවා.

මොනවද අලුත් තොරතුරු..?
අලුත් තොරතුරු කියන්නේ දෙවැනි ඉනිම එක්ක කාර්යබුහ වෙලා ඉන්නවා. මියුසික් වීඩියෝ දෙක තුනකට සම්බන්ධ වුණා. මේ දේවල් තමයි ඉතිං..

දෙවැනි ඉනිමෙන් ලැබුණු චරිතයෙන් පස්සේ ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද..?
ඉතාම ඉහළයි.. දෙවැනි ඉනිම නිසා ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා.

සැබෑ ජීවිතෙත් ඔබ චණ්ඩියෙක්ද..?
අනේ නැහැ.. මම ගොඩක් අහිංසක කෙනෙක්.. ඒ වගේම සංවේදී චරිතයක් කිව්වොත් හරි.

ආදරය ගැන මොකද හිතන්නේ..?
ආදරේ කියන්නේ හරිම සුන්දර හැගීමක්.. ඒ ආදරේ අවංක වෙන තරමට තමයි ලස්සන වගේම ආදරේ පැවැත්ම තියෙන්නේ.

ඔබ ආදරවන්තයෙක්ද..?
අනේ නැහැ.. තවම මම තනිකඩව ඉන්න කෙනෙක්.

දිනක්ෂි, අනෝමා ජිනාදරී, චතුරිකා පීරිස් ඔබට විවාහ යෝජනාවක් ගෙනාවොත් ඔබ කාවද විවාහ කරගන්න කැමැත්ත දෙන්නේ.. ?
අමාරුවේ වැටෙන ප්‍රශ්නයක්.. මේ තුන්දෙනාගෙන් එක්කෙනෙකුටවත් මම කැමැත්ත දෙන්නේ නෑ.

වත්මන් දේශපාලන තත්ත්වය ගැන මොකද හිතන්නේ..?
දේශපාලනය කියන දේ ගැන කතා කරන්නත් අකමැතියි.. ඇත්තටම කිව්වොත් කලකිරෙනවා.

ඔබට අවස්ථාවක් ලැබුණොත් වැරදුනු තැනක් හදාගන්න.. ඔබ කොතනද ජීවිතේ හදාගන්නේ..?
හදාගන්න තැන් ගොඩක් තියෙනවා.. ඒත් ඒ තැන් හදාගන්න අවස්ථාවක් ලැබෙන්නේ නෑ කියලා තේරුම් අරන් ඉන්න නිසා මම පසුතැවෙන්නේ නෑ.

අද කලාව කියලා හුගක් අය පාවිච්චි කරන්නේ නිරුවත.. මේ ගැන මොකද හිතන්නේ..?
ඒක එක එක්කෙනා දකින විදිහ. නිරුවත කියන්නෙත් කලාවක තමයි.. හැබැයි ඒක පාවිච්චි කරන විදිහත් එක්ක මිනිස්සු හරි කැත විදිහට අද ඒ දිහා බලන්න පුරුදු වෙලා ඉන්නවා.
මොකද හුගක් අය නිරුවත පාවිච්චි කරලා ප්‍රසිද්ධ වෙන්න උත්සහ කරනවා.

ඉදිරි බලාපොරොත්තු මොනවද..?
මම වෘත්තියෙන් රංගන ශිල්පියෙක්. ඉතිං රංගන ක්ෂේත්‍රයෙන් ඉදිරියට යන්න තමයි එකම බලාපොරොත්තුව.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!