Gossip

“ගහන කණ්ඩායමේ හැටියට අපිට ක‍්‍රීඩා කරන්න බැහැ – පිතිකරුවෙක් දවා ගන්න ඕන වුණහම මට ඕන දේ කරනවා” – ලසිත් මාලිංග

ක‍්‍රීඩකයන් කළ යුත්තේ තමන්ගේ පෞද්ගලික දක්ෂතා දිනෙන් දින වර්ධනය කර ගනිමින් කණ්ඩායමට අවශ්‍ය සේවය අවශ්‍ය වෙලාවට ලබාදීම බව වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසනවා.

මෙවර තරගාවලියේදී ශ‍්‍රී ලංකා පිලට අවසන් පූර්ව වටයට යෑමට නම් ඉතිරි තරග තුනම ජය ගත යුතු වුවද මාලිංග පවසන්නේ ඒ සඳහා හැම දෙනාගේම දක්ෂතා වර්ධනය වුවහොත් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකි බවයි.

‘‘වැදගත්ම දේ වෙන්නෙ තරගාවලිය පටන් ගන්නකොට අපි අයි.සී.සී. ශ්‍රේණියේ නව වැනි තැන හිටියේ. මම කණ්ඩායමෙන් අයින් වෙනකොට ස්ථාන දෙකක් හෝ තුනක් ඉදිරියට ගේන්න මට දායක වෙන්න පුළුවන්නම් ඒක ලොකු දෙයක්. අපි ගහන කණ්ඩායමට වඩා පෞද්ගලික දක්ෂතා දියුණු කරගන්න තමයි උත්සාහ කළ යුත්තේ. මොකද ගහන කණ්ඩායමේ හැටියට අපිට ක‍්‍රීඩා කරන්න බැහැ. අපි අවුරුදු ගාණක් ක‍්‍රීඩා කරපු විලාශයක් තියෙනවා. පෞද්ගලික දක්ෂතාව ගහන ක‍්‍රීඩකයන් 11 දෙනාම වර්ධනය කරගත්තොත් අපිට අවසානයේදී තරගය ජය ගන්න පුළුවන්. එහෙම නැතිව එංගලන්තයට එක විදිහක් නැතිනම් දකුණු අප‍්‍රිකාවට තව විදිහක් ගහන්න බැහැ. කණ්ඩායම කවුරු වුණත් මම හිතන්නෙ අද කඩුලූ 3 ක් ගත්තනම් හෙට කඩුලූ හතරක් ගන්නෙ කොහොමද කියන එක. පිතිකරුවනුත් ඒ වගේ හිතන්න ඕන. අද පනහක් ගැහුවොත් හෙට 70 ක් ගහන්න ඒ අය උත්සාහ කරන්න ඕන.

එංගලන්තය සමග තරගයේදී හැමෝම චකිතයකින් ක‍්‍රීඩා කළත් පන්දු යැවීමෙන් ඔවුන්ව පාලනය කිරීමට හැකි වූ බව පවසන මාලිංග තමාට අවශ්‍ය දේ පිටිය මැදදි කිරීමට හැම විටම උත්සහ කරන බවද පවසයි.

‘‘මම ගහපු ක‍්‍රිකට් එක මට මතකයි. මට පිතිකරුවෙක් දවා ගන්න ඕන වුණහම මට ඕන දේ කරනවා. සමහර වෙලාවට හතරක් පෙන්නලා පිතිකරුව දවා ගන්න උත්සාහ කරනවා. සමහර වෙලාවට එතැනින් හතරක් ගියහම එළියෙන් බලන් ඉන්න අය මොනව හරි කියන්න පුළුවන්. නමුත් මැද ඉන්න අපි තමයි ඒක දන්නෙ. හැම වෙලාවෙම මම කණ්ඩායමට උපරිමය ලබාදෙනවා. මම දන්න සියල්ල ලබා දෙනවා වගේම අනිත් අයටත් මම කියා දෙනවා.’’

දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!