Gossip

සහරාන්ගේ ප්‍රධාන ගෝලයා මිල්හාන් තවත් තොරතුරු වමාරයි – ඊයේ සොයා ගත් දේවල් මෙන්න

පාස්කු ප‍්‍රහාරයට පෙර දින සෞදියට පලා ගොස් ජෙඩා ගුවන්තොටුපොළ ආසන්නයේ ලැගුම්හලක රැඳී සිටියදී ජෙඩා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි මොහොමඩ් සහරාන්ගේ ප‍්‍රධාන ගෝලයා වන මොහොමඩ් මිල්හාන් නැමැත්තාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ දීර්ඝ ප‍්‍රශ්න කිරීම් හමුවේ බෝම්බ සෑදීමට යොදා ගන්නා ඩෙටනේටර්, ජෙලෙග්නයිට් කූරු, උණ්ඩ ඇතුලු උපකරණ රැසක් කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප‍්‍රදේශයේ වළ දමා තිබියදී ඊයේ (27) සොයා ගැනුණා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසා සිටි‍යේ මෙම සැකකරු කාත්තන්කුඩි ඔල්ලිකුලම් ප‍්‍රදේශයට රැගෙන ගොස් ඔහුගේ ප‍්‍රකාශ අනුව ස්ථාන කිහිපයක වළ දමා තිබූ මෙම උපරණ සොයාගත් බවයි.

සොයාගත් භාණ්ඩ අතර ඩෙටනේටර් 1000 ක්, ජෙලෙග්නයිට් කූරු 300 ක්, ද්‍රව ජෙලෙග්නයිට් ලීටර් 8 ක්, ටී 56 ගිනි අවියක්, පිස්තෝල ඇතුළු විවිධ ගිනි අවිවලට යොදන උණ්ඩ 300 ට ආසන්න ප‍්‍රමාණයක් තිබූ බවයි පොලිස් ආරංචි මාර්ග පවසන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!