Gossip

“රාත‍්‍ර‍්‍රී දෙකට විතර දරුවා අඬන්නේ නැහැ කියලා බිරිඳ කිව්වා – පාන්දර දෙකට විතර දරුවට කිරි දෙන්න කලින් වතුර දෙන්න උත්සාහ කළා” – මන්ද‍පෝෂණයෙන් මියගිය දරුවාගේ දෙමව්පියන් සාක්ෂි දෙයි

මන්දපෝෂණයෙන් මිය ගියේ යැයි කියන තිස්සමහරාම ගෝනගමුව විජයපුර මලිත් මිහිරංග දේශප‍්‍රිය රාජපක්ෂ නැමැති දරුවාගේ මරණය සම්බන්ධයෙන් තිස්සමහරාම මුලික රෝහලේදී පැවැති හදිසි මරණ පරීක්ෂණයේදී මියගිය දරුවාගේ මව වන ගයත‍්‍රී ඉන්දිකා ජයසිංහ යන අය තිස්සමහරාම හදිසි මරණ පරික්ෂක කේ. ජී. සී. නිරංජන් මහතා ඉදිරියේ සාක්ෂි දෙමින් මෙසේ පැවසුවාය.

දෙබරවැව ඉස්පිරිතාලේදී මිය ගිය මලිත් මිහිරංග දේශප‍්‍රිය මගේ බාල දරුවයි. මම දරුවාගේ මෘත දේහය බලා මගේ දරුවා බවට හඳුනා ගත්තා. මගේ පුරුෂයාට දාව මට පුතුන් පස් දෙනෙක් සහ දුවෙක් ඉන්නවා. මගේ වැඩිමහල් පුතා මහන වෙලා තංගල්ල, දික්වැල්ල, රන්මල්කැටිය පන්සලේ වැඩ වාසය කරනවා.

මගේ බාල දරුවා වන මිය ගිය දරුවා මට ලැබුණේ මීට මාස එකොළහකට කලින් සාමාන්‍ය දරු ප‍්‍රසුතියකින්. දෙබරවැව ඉස්පිරිතාලේදී දරුවා ලැබිලා දවස් දෙකකට පස්සේ ගෙදර අරන් ගියා දරුවා නැතිව කිරි බීල හැදුනා. නමුත් පවුල් සෞඛ්‍ය නෝනා ගෙදර ඇවිල්ලා කිව්වා දරුවට මන්දපෝෂණ මට්ටම ඇවිත්ය කියලා. පසුව දරුවගේ කිරි බීම අඩුවුණා.

මෙම සිද්ධිය වු 2019. 05. 19. දින හාල්මැස්සෙක්, කැරට් අල කෑල්ලක්, ලීස් කෑල්ලක්, අල කෑල්ලක් දමලා බෙරි බත් හදල දරුවට කැව්වා. දරුවා හොඳින් බෙරි බත් කෑවා. ඉතිරි බෙරි බත් ටික අනෙක් දරුවන් හතර දෙනා කෑවා.

පසුව අපි නින්දට ගියා. මම පොඩි දරුවත් සමග ඇඳේ නිදාගත්තා. රාත‍්‍රි දොළහට විතර මම දරුවට කිරි පෙව්වා. පසුව පාන්දර දෙකට විතර මම නැවැත දරුවට කිරි දෙන්න කලින් වතුර දෙන්න උත්සාහ කළා. නමුත් දරුවා නැගිට්ටේ නැහැ. ඊට පසු මම කෑගහල පුරුෂයා අවදිකරලා මගේ පුරුෂයගේගේ නැන්ද කෙනෙකු වන එස්. එච්. චන්ද්‍ර පත්මාට කථාකරගෙක පුරුෂයාගේ මල්ලිගේ ත‍්‍රිවීල් එකෙන් දරුවා දෙබරවැව ඉස්පිරිතාලෙට රැුගෙන ගියා. එහිදී ඒ වෙලාවේ හිටපු දොස්තර මහත්තයා දරුවා පරීක්ෂා කර කිව්වා දරුවා මියගොස් ඇති බව. මගේ දරුවා මිය ගියේ ඇයිදැයි මම දන්නේ නැහැ. මෙම මරණය සම්බන්ධයෙන් සැකයක් අවිශ්වාසයක් මට නැහැ.

මෙහිදී මිය ගිය දරුවාගේ පියා වන තුසිත චන්දන රාජපක්ෂ යන අයද හදිසි මරණ පරික්ෂකවරයා ඉදිරියේ සාක්ෂි දෙමින් මෙසේ ප‍්‍රකාශ කළේය.

මා දහවල් දොළහට විතර මාලු විකුණලා ගෙදර ආවා. ඒ වෙලාවේ දරුවා හොදින් හිටියා. පසුව සවස හතරට පමණ බෙරි බත් හදලා කෑම දුන්නා.

ඊට පසු රාත‍්‍රී දහයට විතර නිදාගත්තා. මම තනියම වෙනත් තැනක නිදාගත්තා. බිරිඳ දරුවත් සමග ඇඳේ නිදාගත්තා. අනෙක් දරුවන් තිදෙනාත් නිදාගත්තේ මගේ ළඟ. රාත‍්‍ර‍්‍රී දෙකට විතර දරුවා අඬන්නේ නැහැ කියලා බිරිඳ කිව්වා. ඊට පසු මමත් දරුවා ළඟට ගොස් බැලූවා. දරුවා නිදි විදියට හිටියා.

මෙම දරුවාගේ මළ සිරුර සම්බන්ධයෙන් තිස්සමහරාම මුලික රෝහලෙහි අධිකරණ සහකාර වෛද්‍ය එස්. සී. අජිත් කුමාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා ලබාදෙන ලද වර්තාවෙහි සඳහන් කර ඇත්තේ මන්දපෝෂණයෙන් දරුවා මිය ගොස් ඇති බවයි.

උපුටා ගැනීමකි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!