ලොව අවලස්සනම සුනඛයා තේරීමේ තරගයකින් ජයග්රහණය හිමිකරගැනීමට ස්කෑම්ප් ද ට්රෑම්ප් (Scamp the Tramp) නම් සුනඛයා සමත්ව තිබෙනවා.
මෙම තරගය පවත්වා තිබුණේ කැලිෆෝනියාවේදීයි.
අවලස්සන සුනඛ තරගකරුවන් 18 දෙනෙකු පරදවමින් ස්කෑම්ප් ද ට්රෑම්ප් මෙම ජයග්රහණය හිමිකරගෙන තිබුණා.
මෙම තරගය වාර්ෂිවක අමෙරිකාවේ කැලිෆෝනියා ප්රාන්තයේ පෙටලූමා නගරයේදීයි පැවැත්වෙනවා.
1970 දශකය දක්වා දිගු ඉතිහාසයක් මෙම තරගාවලියට පවතින අතර මෙවර පැවැත්වුණේ එහි 31 වන අදියරයි.
මේ තරගයෙන් ජයග්රහණය කරන අවලස්සනම සුනඛයාගේ හිමිකරුට අමෙරිකානු ඩොලර් 1500ක් සහ කුසලානයක් හිමිවුණා.
මේ වසරේ මෙම තරගයෙන් ජයග්රහණය කළේ අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්රාන්තයේ සැන්ට රෝසා (Santa Rosa) සිට පැමිණි කාන්තාවකට හිමි සුනඛයෙක්.
ස්කෑම්ප් ද ට්රෑම්ප් ගේ හිමිකාරිය වුණේ ඉවෝන් මොරොන්ස්. (Yvonne Morones)