ලෝක කුසලාන තරගාවලියේ ශ්රී ලංකාව සහ එංගලන්තය අතර පසුගියදා පැවැත්වුණු තරගයෙන් ශ්රී ලංකාවට ජය හිමිවුණා.
මෙම තරගය ගැන ප්රේක්ෂකයන් බොහෝ පිරිසක් දැඩි බලාපොරොත්තු තබා ගෙන සිටි බව නොරහසක්.
සිංහයන් ලැබූ සුපිරි ජයෙන් පසු බොහෝ දෙනා සුබ පැතුම් එක්කරද්දී නව පරපුරේ රංගන ශිල්පියෙකු මුහුණුපොතේ දැමූ සටහනක් ගැන කාගේත් අවධානය යොමුවුණා.
ඔහු තමයි සුමිරාන් ගුණසේකර.
ඔහු සිය මුහුණුපොතේ සටහනක් තබමින් පවසා තිබුණේ ” ලංකාව මැච් එක දිනුවොත් තට්ටේ ගාපු ෆොටෝ එකක් දානවා” යනුවෙන්.
ඒ අනුව ඔහු සිය පොරොන්දුව ඉටු කරමින් සිය මුහුණුපොතේ හිස මුඩු කළ ඡායාරූපයක් මෙලෙස දමා තිබුණා.
ඡායාරූප පහතින්…