Gossip

“බෑනා දෑවැද්ද ඉල්ලා අවුරුදු 74ක් වුණු නැන්දම්මාට හොඳටම ගහලා.”

යාපනයේ උඩුවිල් අම්බලවානර් පාර ප‍්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවකට 18 වැනිදා උදෑසන ඇගේ බෑනා විසින් ඉතා අමානුෂික ලෙස පහර දීම නිසා එම කාන්තාව බරපතළ ලෙස තුවාල ලබා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබෙනවා.
වයස අවුරුදු 74ක් වූ මේ කාන්තාවට බෑනා විසින් මෙසේ පහර දී ඇත්තේ විවාහයේදී තමන්ට ලැබුණු දෑවැද්ද ප‍්‍රමාණවත් නොවන බවට ඇතිවූ බහින් බස් වීමක් මත යැයි යාපනයේ චුන්නාකම් පොලිසියට තොරතුරු ලැබී තිබේ.
බෑනා විසින් පහර දෙන ලද අවස්ථාවේදී වයෝවෘද්ධ කාන්තාව මහා හයියෙන් ලතෝනි දෙමින් කෑ ගසන්නට පටන් ගැනීමත් සමගම අසල්වාසීන් පිරිසක් පැමිණ ගිලන් රථයක් කැඳවා කාන්තාව යාපනයේ තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබුණා.
ප‍්‍රදේශවාසීන් කියා සිටියේ දෑවැදි ප‍්‍රශ්නයක් මත මේ නිවසේ ආරවුල් හා බැන ගැනීම් නිරන්තරයෙන්ම සිදුවන බවයි.
පවුලේ තොරතුරු දන්නා අසල්වාසීන් කියා සිටියේ වයෝවෘද්ධ කාන්තාව විවාහයේදී පොරොන්දු වූ පරිදි බෑනාට දෑවැද්ද ලබා දී ඇති බවත් මෑතකදී මේ කාන්තාවට ස්වාමිපුරුෂයා විසින් බැංකුවක තැන්පත් කරන ලද රුපියල් ලක්ෂ විස්සක මුදලක් ලැබී ඇති බව දැනගත් බෑනා එම මුදල ද දෑවැද්ද වශයෙන් ඉල්ලා සිටින නිසාත් මේ ආරවුල් ඇති වන බවත්ය.
පහරකෑමෙන් කාන්තාවට බරපතළ තුවාල සිදු වී ඇත.
යාපනයේ චුන්නාකම් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!