Gossip

“අවුරුදු 19 වෙද්දි ගෙදරින් මට විවාහ යෝජනාවක් ගෙනාවා. හිතේ දුක හිරකරගෙන පවුල ඇතුලෙ ජීවත් වෙනවා..”

මහ මැදුරෙත් දිළිඳු පැලෙත් මිනිසා සුවපත් කරන මහා ඔසුව ආදරයයි. රූ රැජණක් ලෙස ලෝකය දිනාගත් ගැහැනුු හිතක් ආදරය ළඟදි මොන තරම් සංවේදිද?
ඒ ගැන ශ්‍රීමාලි ෆොන්සේකාගෙන් සතිඅන්ත පුවත්පතක් විමසා තිබුණා..
ශ්‍රීමාලි නම් රූප රාජිණිය, නිරූපිකාව හා නිළිය තම දිවියේ ආදරයට හිමිකර දී තියෙන තැන ගැන සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

ශ්‍රීමාලි පෙම්වතියක් වෙන්නෙ පාසල් වියේදිද?
ඉස්කෝලෙ කාලෙ මම මගේ පන්තියේ අනිත් ළමයින්ට වඩා සිරුරෙන් හා වයසින් අඩු ළමයෙක්.
ඒ නිසා කාගෙවත් අවධානය මා වෙත ළක්වුණේ නැහැ. අපේ පන්තියේ මගේ යෙහෙළියන් මට වඩා සිරුරෙන් හැදී වැඩුණ අය ඒ අය අතර ඉඳිද්දි කවුරුවත් මගෙන් යාළුවෙන්න අහන්නෙ නැහැ.

ඒ ගැන දුකක් හිතේ තිබුණද?
එහෙම හිතකුත් තිබුණෙ නැහැ. මොකද අපේ ගෙදර තිබුණ වතාවරණය එක්ක ප්‍රේමයක් හිමි වුණත් මට ඒ වගේ දෙයක් කරගෙන යන්න ලැබෙන්නෙ නැහැ කියලා මම දැනගෙන හිටියා.

පාසල් වියේ ශ්‍රීමාලිට මොනවගේ ඉලක්කද තිබුණෙ?
ගුවන් සේවිකාවක් වෙනව කියන එක තමයි මගේ එකම බලාපොරාත්තුව.
ඒ බලාපොරොත්තුව නිසා මම ඉංග්‍රීසි භාෂාව ගොඩක් දුරට හැදෑරුවා ගෙදරින් ගොඩක් බලපෑම් ආවා ඒ රැකියාවට යන්න එපා කියලා.
මොකද මම තමයි පවුලෙ එකම ගැහැනු ළමයා. මට හිටියේ අයියල දෙන්නෙකුයි මල්ලි කෙනකුයි. මගේ තාත්තා කොහොමවත් කැමති වුණේම නැහැ. මම ගුවන් සේවිකාවක් වෙනවට.

පාසලෙන් පසුව ජීවිතය ගලායන්නෙ කොතනකටද?
පාසල් වියේදි මම පෙම්වතියක් වුණේ නැහැ. මම විවාහ වෙනතුරුම මට පෙම්වතෙක් ඉඳලා නැහැ.
මට වයස අවුරුදු දහනවය වෙද්දි ගෙදරින් මට විවාහ යෝජනාවක් ගෙනාව.
ඒ වෙද්දි මට ගෙදරින් රැකියාවකට යන්න දෙන්නෙත් නැහැ. පන්තියකට යන්න දෙන්නෙත් නැහැ.
ඒ නිසා මට කරන්න හැකි වූ එකම දේ ඒ යෝජනාවට එකඟ වෙන එක. අනික දැන් අවුරුදු දහනවයක ළමයකුට වඩා එදා ඒ වයසෙ කෙනකුගෙ ජීවිතය හා සිතුවිලි සරලයි. සමාජය මේ තරම් සංකීර්ණ නැහැ. ඒ නිසා මම ඒ විවාහයට කැමැත්තෙන්ම එකඟ වුණා.

විවාහයෙන් පස්සෙ ඔබ පැතූ ලෝකය හිමිවෙනවද?
ඇත්තටම මම විවාහ වුණොත් මට ගෙදරින් නොලැබුණ නිදහස හොයාගෙන විවාහයෙන් පස්සෙ මම ආසාවෙන් හිටපු ගුවන් සේවිකාව කියන රැකියාවට යන්න ලැබෙයි කියලා හිතලා.
ඒත් අපි විවාහ වෙලා දින දහයකින් ඩුබායිවල පදිංචියට යනවා. වයස අවුරුදු 22 වෙද්දි මම මවක් වෙනවා.
ඩුබායිවලදි මම ඉගෙන ගත්තා. මට අවශ්‍ය දේවල් මම කළා. මගේ ජීවිතයේ ඉගෙන ගන්න තමයි ආසාව තිබුණෙ. මම ඒක කළා.

අඩු වයසින් විවාහ වීම ගැන ඔබ පසුතැවෙනවද?
නැත්තෙත් නැහැ. ඇත්තෙත් නැහැ.

ඔබ නැවත ලංකාවට එන්නෙ?
මම බබා ලැබෙන්න ආපහු ලංකාවට ආවා. එතකොට මම ඩුබායිවලට ගිහින් අවුරුදු දෙකක් ගතවෙලා තිබුණා.

නැවතත් මම මගේ අධ්‍යාපන කටයුතු මෙහෙදි සම්පුර්ණ කරගන්නව.ශ්‍රී මාලිගෙ දිවියෙ ආදරයට හිමිවෙලා තියෙන්නෙ අඩු ඉඩක්ද?
මට දැනෙන දේ තමයි අපි ජීවත් වෙද්දි ආදරය අත්‍යවශ්‍යයි. අපි ජීවත් වෙනව කියලා දැනෙන්නෙ එතකොට.
අපේ ජීවිතයෙ බලාපොරොත්තු ඇතිවෙන්නෙ ආදරය අපේ ජීවිත ළඟ තියෙත්දි. හැබැයි අපිට ආදරය කරන්න හරියන කෙනා ලැබෙනවද කියන එකයි ප්‍රශ්නය මේ ලෝකයේ ඇත්තටම ආදරය කරන අයට එකතු වෙන්න බැරිවෙනව. සැබෑ ආදරය කියන දේ හැම කෙනාටම ලැබෙන්නෙත් නැහැ.

ඔබ ඔබගේ ආදරය තුළ තෘප්තිමත්ද?
තෘප්තිමත් වෙන්නෙ නැහැ. ඒක තමයි මම කිව්වෙ සියයට දහයකට තමයි තමන්ට ගැළපෙන ආදරයක් ලැබෙන්නෙ කියලා.
මටත් ඒ ගැන දුකක් තියෙනව. ඒත් අපි හරිම සංකීර්ණ සමාජයකනෙ ජීවත් වෙන්නෙ. අපි කැමති දේම අපිට කරන්න බැහැ. ලංකාවේ කාන්තාවො හිතේ දුක හිරකරගෙන පවුල ඇතුලෙ ජීවත් වෙනව.

ලෝකයට ගිය ඔබ මේ සම්ප්‍රදායෙන් පිට පනින්න සුදානම්ද?
මම සාම්ප්‍රදායික භූමිකාවෙන් පිටතට යන්න කැමති නැහැ.
ඒකට හේතුව මම තවම ලංකාවෙ ජීවත්වෙන නිසා. අපි ගැන සමාජය හොයනව වැඩියි. අපි හැමදේම කරන්නෙ සතුටින් ඉන්නනෙ. ආදරේ ජීවිතයම කරගෙන ජීවත් වෙන්න අමාරුයි. එහෙම වෙලා අපිට බලාපොරොත්තු වෙන ආදරය නොලැබුණොත් අපි බිඳ වැටෙනව. ඒ නිසා මං හිතන්නෙ හොඳම දේ් අපි හොයන ආදරය අපිට නොලැබුණොත් අපේ හිත් සතුටින් තියාගන්න පුළුවන් දෙයක් විනෝදාංශයක් විදියට තොරාගෙන ඒ තුළ ජීවත් වෙන එකයි.

ඔබ ආදරය නිසා කලකිරිලද?
මේ ලෝකෙ අපිට අපි විතරයි ඉන්නෙ. අපිට වෙන කව්රුත් නැහැ. තමන් තමන්ව සතුටු කරගන්න ඕන.
ඒකට අපි අපේ මනස සමබරව තියාගන්න උත්සාහ කරන්න එන ආදරය කරද්දි මිනිස්සු ආත්මාර්ථකාමියි. අපි කොච්චර හිතුවත් අපි ආදරය කරන අය අපිි ළඟම ඉඳියි කියලා එහෙම වෙන්නෙ නැහැ. ගොඩක් අය ආදරය නිසා පවුල් ඇතුළෙ ජීවත් වෙන්නෙ හරිම දුක්ඛිතව. ඒ යථාර්ථය තේරුම් අරන් ඉදිරියට යන එකයි අපිට කරන්න තියෙන්නෙ.

උපුටා ගැනීම – දිවයින පුවත්පත

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!