සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වු පිපිරීමෙන් මිය ගිය පුද්ලයින් සිව් දෙනෙකුගේ සිරුරු අද(07) නැවත ගොඩ ගත්තා.
ඒ රජයේ රස පරීක්ෂක වෙත යොමු කර තිබු අදාළ සිරුරුවල කොටස් නරක් වී තිබිම හේතුවෙන්.
පාස්කු ඉරු දින මරාගෙන ප්‍රහාරයෙන් පසු ඉකුත් අප්‍රේල් 26 වැනිදා ත්රස්තවාදීන් පිරිසක් විසින් සයින්දමරුදු ප්‍රදේශයේ නිවසක් තුළ සිදු කර ගත් පිපිරීමකින් පුද්ගලයින් 15 දෙනෙකු මියගියා.
ඒ අතර පිරිමි පුද්ගලයින් හය දෙනෙකු මෙන්ම කාන්තාවන් තිදදෙනෙකු හා කුඩා දරුවන් හය දෙනෙකු සිටියා.
ඔවුන්ගේ මළ සිරුරුවල කොටස් රජයේ රස පරීක්ෂණ වෙත යැවීමෙන් අනතුරුව මැයි මස දෙවැනිදා එම සිරුරු පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ අම්පාර පොදු සුසාන භූමියේදී.
කෙසේ වෙතත් මළසිරුරු නැවත ගොඩ ගැනීම සඳහා පොලිසිය කල්මුණේ අධිකරණයෙන් නියෝගයක් ලබා ගෙන තිබුණා.
ඒ අනුව අම්පාර පොදු සුසාන භූමියේ භූමිදානය කර තිබු ත්‍රස්වාදීන් 4 දෙනෙකුගේ මළ සිරුරුවල කොටස් අද දිනයේදි ත්‍රිකුණාමලය මහා රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ රුචිර නදීර මහතා විසින් නැවත ගොඩ ගනු ලැබුවේ අම්පාර ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මහත්මිය ඉදිරියේදීයි.