පාස්කු ඉරිදා සිදුවූ ප්රහාරයට සම්බන්ධ ත්රස්ත කණ්ඩායමට ආධාර අනුබල දුන් බවට සැකපිට පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හොරොව්පතාන ප්රදේශයේදීයි. අත්අඩංගුවට ගත් පිරිස කැබිතිගොල්ලෑව සහ හොරොව්පතාන ප්රදේශවල පදිංචිකරුවන් බවට හෙළිව තිබෙනවා.
දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික තව්හිද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු වන අබ්දුල් මජීඩ් මොහොමඩ් නියාස් යන පුද්ගලයා සමඟ සමීප සබඳතා පවත්වමින් ත්රස්ත කණ්ඩායමේ නායකයා ලෙස සැලකෙන මොහොමඩ් සහරාන්ගේ ක්රියාවලට දායකත්වය මොවුන් විසින් ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.