Gossip

පාස්කු ඉරිදා පිපිරුණු බෝම්බ හැදුවේ විදෙස් අයි.එස් විශේෂඥයෙක්?

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරවලට යොදාගෙන ඇති ට්‍රිප්ට‍්‍රයිට් නමැති පුපුරන ද්‍රව්‍ය අඩංගු අධිබල බෝම්බ නිපදවා ඇත්තේ විදේශ රටක සිට මෙරටට පැමිණි අයි.එස්. බෝම්බ එකලස්කරන්නකු බවට අනාවරණය වී තිබෙනවා.

තව්හිද් ජමාත් නායක සහරාන් හෂීම් බෝම්බ එකලස්කරන්නකු නොවන බවත් මැන්චෙස්ටර් සහ පැරිසියේ සිදුවූ අයි.එස්. බෝම්බ ප‍්‍රහාරවලට යොදාගත් බෝම්බවලට සමානව පාස්කු ඉරිදා බෝම්බ එකලස් කර ඇති බවත් වැඩිදුර විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

පසුගිය කාලය තුළ ඉරාකය, තුර්කිය යන රටවල සිට විවිධ පිරිස් ශ‍්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන් ගැන විමර්ශන සිදුව නැතැයි ද ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග සඳහන් කළා.

ට්‍රිප්ට‍්‍රයිට් පුපුරන ද්‍රව්‍ය විශේෂය භාවිත කරන්නේ අයි.එස්. සංවිධානය බවද එම ආරංචිමාර්ග කියා සිටිනවා.

පාස්කු ඉරිදා බෝම්බ සකස් කිරීම යූ ටියුබ් මගින් එකලස් කර ගැනීමට නොහැකියි. මේ විදේශගත අයි.එස්. බෝම්බ විශේෂඥයා ඊට සම්බන්ධ යැයි ආරංචි මාර්ග පවසනවා.

දිවයින

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!