Gossip

පාස්කු ඉරිදා මෙරට ඇතිවූ ප්‍රහාරවලට සම්බන්ධ සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට

පසුගියදා මෙරට පාස්කු ඉරිදා දේවස්ථාන හා කොළඹ තදාසන්න ප්‍රදේශවල සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් බවට සැක කෙරෙන ශ්‍රී ලාංකික සැකකරුවෙකු මියන්මාරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිය වීසා බලපත්‍රය දීර්ඝ කර ගැනීම සඳහා අදාළ සැකකාර පුද්ගලයා යැන්ගූන් නුවර ආගමන විගමන කාර්යාලය වෙත ඊයේ පස්වරුවේ පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

2018 ජනවාරි මාසයේ සංචාරක වීසා මත මියන්මාරයට ගොස් ඇති මොහු නැවතත් එරටින් පිටවූ බවක් වාර්තා වී නැහැ.

මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා මියන්මාර සංචාරක පොලිසිය පසුගිය බදාදා දිනයේ එරට සියළුම හෝටල් සහ සංචාරක නිකේතන වෙත දැනුම් දීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සැකකරු පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ වී ඇති ආකාරය හෝ ඔහු අත්අඩංගුවට ගැනු‍ණේ මෙරට රජය විසින් සිදුකළ දැනුම්දීමක් මතද යන්න මෙතෙක් හෙළිවී නැහැ.

එරට සංචාරක පොලීසිය ප්‍රකාශ කළේ අබ්දුල් සලාම් ඉර්ෂාඩ් මොහොමඩ් වසරක් සහ මාස දෙකක කාලයක් වීසා බලපත්‍රය ඉකුත් වීමෙන් අනතුරුව ද මියන්මාරයේ රැදී සිට ඇති බවයි.

එමෙන්ම මියන්මාරය තුළ අයි.එස්. අනුගාමික විදේශීය ත්‍රස්තවාදීන් ප්‍රහාර දියත් කිරීමේ අවදානමක් පැවති බවද එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!