ලංකාවෙන් බිහිවූ සුපිරි ක්රිකට් ක්රීඩකයෙකු වන සනත් ජයසූරිය ශ්රී ලාංකිකයන් වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.
දශක ගණනාවක් හිංසනයන් විඳදරාගනිමින් එයින් පාඩම් උගත් අප, අපගේ අනාගත පරම්පරාවන්ටද එම විනාශකාරී අත්දැකීම් නැවතත් ඉතිරි නොකළ යුතුයි යන්නයි ඔහු ඉල්ලා එම නිවේදනයේ දක්වා තිබුණේ.
එම සටහන පහතින්…
“අපිට අපේම කියලා රටක් විදියට තියෙන්නේ මේ පුංචි ශ්රී ලංකාව විතරයි. ප්රචණ්ඩත්වය තුළින් මේ රටේ ප්රශ්න ඇති වුණොත් එයින් දුර්වල වෙන්න ශ්රී ලාංකික අපිමයි. දශක ගණනාවක් හිංසනයන් විඳදරාගනිමින් එයින් පාඩම් උගත් අප, අපගේ අනාගත පරම්පරාවන්ටද එම විනාශකාරී අත්දැකීම් නැවතත් ඉතිරි නොකළ යුතුයි. එන්න, ශ්රී ලංකිකයින් ලෙසින් අපි එකාවන්ව එක්වෙමු.”
