Tech

හැමෝම කතා කරන මොකක් ද මේ Military Smart watch එක..?

ගොඩක්ම අපේ පිරිමි පාර්ශවය පලදනාවක් විදියට Smartwatch භාවිතා කරනවා. මේ සදහා බොහෝ වෙලාවට විශාල මුදලක් වැය කරනවා.
මෙච්චර වියදම් කරලා පාවිච්චි කරන්න ගන්න Smartwatch එක damage වු‌ණොත්…. මේ නිසා විශාල මුදලක් වැය කරලා Smartwatch මිලදී ගන්න පෙළඹීම අඩුවෙලා තියෙනවා.
මේකට විසදුමක් විදියට T1 Tact SmartWatch ( Military Smartwatch) හදුන්වා දී ති‌බෙනවා.
ඔබේ පියවර හා හෘද ස්පන්දනය ගණනය කිරීමේ හැකියාව, භාණ්ඩ මිලදී ගැනීමේ හැකියාව, සමාජ ජාලා දැනුම්දීම් ලබාගැනීමේ හැකියාව, uber සම්බන්දතාවය වගේම hotel room එකට ප්‍රවේශවීමේ යතුර වශයෙන් භාවිතා කිරීමේ හැකියාව මේ වෙනකොට Smartwatch වල තිබෙන විශේෂ ලක්ෂණයන් වෙනවා.
මේ හැකියාවන් තිබුණත් දැනට තිබෙන ලොකුම ප්‍රශ්ණය ලෙස දකින්න ලැබෙන්නේ මේ Smartwatch එක තම අතේ පැලද සිටින අවස්තවේ ලේසියෙන්ම හානියට පත්වෙන්න තිබෙන ඉඩකඩ වැඩි වීමයි.
අපි පාවිච්චි කරන ඡංගම දුරකථනයට වගේ ආරක්ෂක ආවරණයක් Smartwatch වලට භාවිතා කරන්න හැකියාවක් නැහැ.
නවතම Military technology එකට ස්තූතිවන්ත වෙන්න හදුන්වා දී තිබෙනවා.
උසස් තත්වයේ හැඩකාර නව විලාසිතානුකූලව වගේම ඉතාමත් ශක්තිමත් කම්පනයන්ට ඔරොත්තු දෙන ‘Military Smartwatch’. Military ඉන්ජිනේරැවන් පිරිසක් එකතුවෙලා තමයි මෙම අත් ඔරලෝසුව නිපදවලා තියෙන්නේ. මෙය මුලින්ම නිපදවලා තිබෙන්නේ හමුදා සෙබලුන්ට.
මොකද ඔවුන් විවිධ දරැණු තත්වයන් යටතේ සේවයේ යෙදී සිටින විට විශාල කම්පකයන් ආවත් අත්ඔරලෝසුව නොනැවති වැඩ කරන්න අවශ්‍ය වන අයුරැන් තමා මෙය නිශ්පාදනය කර
තිබෙන්නේ.
මේ ආභාෂය ගෙන ඔවුන් Military Smartwatch නිපදවා තිබෙනවා. ඔවුන් මෙයට පවසන්නේ James Bond watch ලෙසයි.
ඔවුන් පවසන්නේ ‘ඔයාලට හැමදාටම අවශ්‍ය වෙන එකම අත් ඔරලෝසුව මෙය පමණයි’ යනුවෙනි. මෙම Military Smartwatch එක watch එකකටත් වඩා ආකර්ශණීයයි වගේම පහසුකම් අතින්ද ඉහල තැනක් ගන්නා බවට වාර්ථා වෙනවා.
මෙම Smartwatch එක ඔනම අවස්ථාවකදී භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා. උදාහරණ වශයෙන් ක්‍රීඩා කරීමේ දී, ත්‍රාස්යජනක ක්‍රියාවන් හී යෙදීමේ දී පිහිනීමේදී, gym එකේදි , party එකකට යනවනම් ඒ වගේම office යනකොට මේ Smartwatch එක භාවිතා කිරීමේ හැකියාව තිබෙනවා.
ඕනෑම අවස්ථාවට ඔරොත්තු දෙන ආකාරයට වගේම ඔීනම තැනකට ගැලපෙන ආකාරයට ආකර්ශණිය ලෙස නිපදවා ඇත. screen එකක් අතේ පැලදගන ඉන්නවා වගේ නොවේ watch එකක් watch එකක් විදියට Smart පහසුකම් සහිතව භාවිතා කිරීමේ හැකියාව ඔබට ලැබී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!