Tech

නවතම නිසාන් 2017 Pathfinder SUV එළිදකයි

 

Pathfinder, one of Nissan’s best known and most popular nameplates in its nearly 60-year history in the United States, is reborn for the 2017 model year with more adventure capability, a freshened exterior look and enhanced safety and technology – pure Pathfinder taken to a higher level of performance and style

 

සිය නවතම නිසාන් 2017 Pathfinder SUV මෝටර් රථය එළිදැක්වීමට නිසාන් සමාගම පියවර ගෙන තිබේ. මගීන් 7 දෙනෙකුට ඉතා පහසුවෙන් ගමන් කළ හැකි මෙම රථය නවීන තාක්ෂණික හා ආරක්ෂිත උපාංගවලින් පරිපූර්ණ රථයක් බව සමාගම කියා සිටී.

Two-wheel සහ Four-wheel ධාවන මාධ්‍ය ද්විත්වයෙන්ම එළිදකින මෙම නවතම නිසාන් 2017 Pathfinder SUV මෝටර් රථය S, SV, SL හා Platinum යනාදී වශයෙන් ශ්‍රේණි කිහිපයක් යටතේ මිල දී ගතහැකිය.

මෙය මීට පෙර මාදිලියට වඩා ජවසම්පන්න එකක් බවත් එහි ඇද ගෙන යාමට ඇති හැකියාව හය ගුණයකින් වැඩි වී තිබීම හරහා ඒ බව මනාව වටහා ගත හැකි බවත් සමාගමේ අදහසයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටක මෙලෙසින් ඇද ගෙන යාම සඳහා SUV රථ භාවිතයට ගැනෙන අවස්ථා ඉතා අඩු අතර බටහිර රටවල දිගු දුර ගමන්වල දී එහාමෙහා ගෙන යා හැකි නිවාස බෝට්ටු ආදිය පවා ඇද ගෙන යාමට SUV රථ භාවිතයට ගනු ලබයි. නිසාන් සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ දිනපතා භාවිතයට මෙන්ම ආරක්ෂාකාරී, ත්‍රාසජනක සති අන්ත චාර්කාවක් සඳහා මෙය කදිම වාහනයක් බවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!