Gossip

ඊයේ කල්මුණේ සිදුවූ වෙඩි ප්‍රහාරවලින් ආරක්ෂක නිළධාරීන්ට හානිවී ඇති බවට යන කටකතාවේ ඇත්ත මෙන්න

කල්මුණ ප්‍රදේශයේ ඊයේ (26) රාත්‍රීයේ සිදු වු වෙඩි තැබීම් සම්බන්ධයෙන් එම ප්‍රදේශ පොලිසිය, පොල්ස් විශේෂ කාර්ය බලකාය සහ යුධ හමුදාව දැඩි ලෙස සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඊයේ රාත්‍රි සිදුවු එම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු තුවාලකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් රෝහල් වෙත යොමු කර ඇති අතර කල්මුණ, චවලකඩේ, සමන්තුරය පොලිස් වසම්වල දිගින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදුවන බැවින් ඊයේ එම පොලිස් වසම් 03ට පනවන ලද පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකව පවතිනවා.

මෙම වෙඩි ප්‍රහාරවලින් ආරක්ෂක අංශ නිලධාරින් හට හානි සිදු වී ඇති බවට පැතිරෙන ප්‍රචාර අසත්‍ය ප්‍රචාර බවද පොලිස් මාධ්‍ය අංශය දන්වා සිටිනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!