ත්‍රස්ත ප්‍රහාර මාලාවක් පිළිබඳව බුද්ධි අංශ විසින් අනතුරු ඇඟවීමක් කරමින් නිකුත් කළ ලිපිය තමා දුටුවේද සමාජජාල මාධ්‍යයන් තුළින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ඒ මහතා ඒ බව පැවසුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පැවැත්වූ සාකච්ඡාවේදීයි.
එලෙස අනතුරු ඇඟවීම් නිකුත් කළ ලිපිය තමා දුටුවේද සිංගප්පූරු සංචාරය අතරතුරදී බවයි ජනාධිපතිවරයා පැවසුවේ.