Gossip

තවත් ප්‍රහාර එල්ල කිරීමට සූදානමක්? ප්‍රභූ ආරක්ෂාවට වැඩි අවධානයක් යොමු කරන ලෙසට ලිපියක්

පොලිස්පති නිල කාර්යාලය මගින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආරක්ෂක කොට්ඨාසය වෙත ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ ඉදිරියේදී යළි මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු වාර්තා වන බවයි.

එම ලිපිය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා විසින් ඔහුගේ නිළ ට්විටර් ගිණුමට එක් කර තිබුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මගින් ලබාදුන් තොරතුරකට අනුව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ජනාධිපති ආරක්ෂක දිසාව, විශේෂ ආරක්ෂක දිසාව හා අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාශය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණා.

එහි සඳහන් වූයේ පසුගිය ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් කාසීම් සහරාන්ගේ අනුගාමිකයන් පවත්වාගෙන යන ත්‍රස්ත කණ්ඩායමක් විසින් තවත් ප්‍රහාර එල්ල කිරීමට ඉදිරියේදී සුදානම් බවයි. එම ප්‍රහාර කුප්පු පල්ලි නොහොත් අවුලියා පල්ලි නැමැති මුස්ලිම් පල්ලි ඉලක්ක කර ගනිමින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවට එම ලිපියේ සඳහන් වනවා.

ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන ලෙස එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වනවා.

එම ලිපිය මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ අත්සනින් යුක්ත වන අතර එම ලිපිය භාරගත් බවට ජනාධිපති ආරක්ෂක කොට්ඨාශය මුද්‍රාතබා තිබෙනවා.

මේ එම ලිපියයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!