• බෝම්බ වර්ග ගොඩක් තියෙනවා… මෙම බෝම්බ නිපදවීම සඳහා පාදක වෙන්නෙ… අධික ලෙස සම්පීඩනය කර ඇති පුපුරණ ද්‍රව්‍ය සදාහා පුලිගුවක් (Ignite) ලබාදීමයි… එය බෝම්බය නිර්මාණ කරඇති පරිපථ තුළින් සිදුවෙනවා… මෙම බෝම්බය නිපදවීම සඳහා ප්‍රධාන ලෙස TNT අධි බලැති පුපුරණ ද්‍රව්‍ය යොදා ගන්නවා.. ඊට අමතරව C4 සෑදීමට යොදා ගන්නා.. RDX ( ට්‍රිනිට්‍රොහයිඩ්‍රො, ට්‍රිනිට්‍රොහෙක්සහයිඩ්‍රො ) ඉතාමත් සක්‍රීය අධි බලති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය ද යොදාගන්නවා. මෙහිදී යොදා ගන්නා පුපුරුණ ද්‍රව්‍ය වල ප්‍රමාණයට සාපේක්ෂ ව එහි පිපිරුම් අරය නිර්මාණය වෙනවා… සාමාන්‍ය සිදුවී ඇති පිපිරීම් වල අවධානම් පිපිරුම් අරය මීටර 50 -70 මට්ටමට විහිදෙනවා. මීට අමතරව මෙම බොහොම නිෂ්පාදනය සඳහා යකඩ බෝල, වීදුරු කැබලි , වෙනත් ලෝහ කොටස් යොදාගන්නවා.. මෙම පුපුරන ද්‍රව්‍ය සහ අනෙකුත් ද්‍රව්‍ය ගෑස් ටැංකි සහ පීඩන උදුන් තුළ ඉහළ සම්පීඩන අනුපාතයකට ගබඩා කරනවා.. එහිදී සිදුවන පිපිරීම මගින් ඉතා විශාල උෂ්ණත්වයක් හා පීඩනයක් හට ගන්නවා..එමෙන්ම එහි ඇති කලින් සදහන් කළ යකඩ බෝල වැනි ද්‍රව්‍ය ඉතා අධික උෂ්ණත්වයකින් සහ ප්‍රවේගයකින් පිපුරුම් අරය තුළ විසිරෙනවා…
බෝම්බෙකින් මැරෙන්නෙ කොහොමද?
• ඉතා අධික උෂ්ණත්වයකින් සහ ප්‍රවේගයකින් විසිරෙන මෙම ලෝහ කොටස් ශරීරය තුළට කිඳා බැසීමේන් පිපුරුම් අරය තුළ සිටින බොහෝ දෙනා මරණයට පත් වෙනවා.. මෙම ලෝහ කොටස් පිපුරුම් අරය තුළ විහිදෙන්නේ V හැඩයටයි. එය බොහෝ විට පොළොවේ සිට අංශක 30 ආනතියක් වෙනවා… තව ද පිපිරීම සිදුවීමේදී එම පිපිරුම් ලක්ෂය අවට තාවකාලික අඩු පීඩන කලාපයක් ඇති වෙනවා.. එම නිසා භෞතික විද්‍යාත්මක වශයෙන් එම අඩු පීඩනය සමනය කිරීම සඳහා අවටින් විශාල වේගයකින් වාතය පිපිරුම් ලක්ෂයට ඇදී එනවා… එම නිසා සිටගෙන සිටින් මිනිසුන්ද පිපිරුම් ලක්ෂය දෙසට ඇදී එනවා.. එමගින්ද මිනිසුන් මරණයට පත් වෙනවා…
බේරෙන්න කොහොමද ?
ඇත්තම කිව්වොත් පිපිරුම් අරයට වඩාත් සමීපව සිටින් කෙනෙක් බේරීම හාස්කමක්… එයට හේතුව ඉහත පැහැදිලි කරපු සංසිද්ධි වලින් වැටහේ… නමුත් පිපිරුමක් සිදුවෙන්වා සේ දැනුනු වහාම සිදුකළ යුතු එක්ම දේ බිම දිගා වීම හෝ ආවරණයක් ලබා ගැනීම… බිම දිගා වීමෙන බොහෝ විට පොළවේ සිට ඇති පිපිරුම් ආනතිය මගහැරීමට හැකිවේ… නමුත් ඒ පිපිරුම් අරයේ දුරින් සිටීනම් පමණි .
මරාගෙන මැරෙන්නෙ කොහොමද?
ඔහු හෝ ඇය සතුව විශාල ලෙස මානසික වෙනසක් ඇත… එකම අරමුණ ක් වෙනුවෙන් කටයුතු කරණ බව පිළිබිඹු වේ…. මරාගෙන මැරෙන ඝාතකයෙක් ගේ බෝම්බ ය බොහෝ විට ඔහුගේ සිරුරට සම්බන්ධ කර ඇත… ඊට අමතරව බෑගයකටද සම්බන්ධ කළ හැක. මෙහිදී බෝම්බ පිපිරවීම සදහා බෝම්බකරුට බොහෝ විට ඩෙටනේටර් ස්විච 2ක් ඇත… එහිදී එම ස්විච 2කම ක්‍රියාත්මක විය යුතුය.. නැතහොත් බෝම්බය පිපිරෙන්නේ නැත… එම ඩෙටනේටර් ස්ථාන ගත කර ඇත්තේ බොහෝවිට බෝම්බකරුගේ කලිසම් සාක්කු 2කේ හෝ පපුවට ආසන්න ස්ථාන දෙකකය….
මරාගෙන මැරෙන ඝාතකයෙක් හදුනාගන්නේ කෙසේද??
විවිධ ස්වරූප වලින් පැමිණේ.. ඔහු හට බෑගයක් තිබීම ප්‍රධාන ලක්ෂණයක් නොවේ… පුපුරණ ද්‍රව්‍ය පැළද සිටින ඇදුම් වලටද සම්බන්ධ කළ හැකිය.. එහිදී ඔහුගේ ශරීරයට වඩා විශාල පෙනුමක් ඔහුට ලැබේ.. එමෙන්ම බර පියවර තබමින් ගමන් කරයි.. ඉතා තැතිගත් ස්වරූපය ඇත… එමෙන්ම ප්‍රහාරයට සූදානම් වන මොහොතේ දෑත් එකම ස්ථානයක තබා ගනී.. ඒ ඩෙටනේටර් ස්විච තිබෙන ස්ථානයේය… එසේ බෝමබ කරුවෙක් දුටු වහාම සිදුකළයුත්තේ අන් අයවත් දැනුවත් කරමින් එම ස්ථානයෙන් දුරස් වීමයි.. එමෙන්ම බෝම්බකරු තමන් ගැන සැකයක් ඇතිවුණ ලෙස දැනුන වහාම බෝමබය පිපිරවීමට වහා කටයුතු කරයි…
මූලාශ්‍ර – Military interligen seal, safty defence , SAS critical motion Documentary.