Gossip

“කටකතාවලට රැවටෙන්න එපා” – රජය ජනතාවගෙන් ඉල්ලයි

ත්‍රස්තවාදයට එරෙහිව ආරක්ෂක මෙහෙයුම්වලට අදාළව තොරතුරු වාර්තා කිරීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෝ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව තහවුරු කරන ලද නිල පුවත් පමණක් පිළිගන්නා ලෙස නිවේදනයක් නිකුත් කරමින් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ පවතින තත්වය පිළිබඳව නිවැරදි තොරතුරු ආරක්ෂක අංශ මගින් ලබාදෙන බවයි.

මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළේ ලැබෙන තොරතුරුවලට අනුව පරීක්ෂා කිරීම් සිදු කිරීම සඳහා මාර්ග වසා තැබීමට පොලිසිය පියවර ගන්නා බවයි.

කොළඹ නගරයේ මෙන්ම ඉන් පිටත ද මෙවැනි පරීක්ෂා කිරීම් සිදු කිරීමට මාර්ග වසා තැබෙනු ඇති බවයි ඔහු කියා සිටියේ.

මේ නිසා අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!