ඊයේ දෙමටගොඩ මහවිල උද්‍යානයේ පිහිටි නිවසක් අසල පිපිරීමක් සිදුවූ අතර එම සිද්ධියෙන් පොලිස් නිලධාරීන් තිදෙනකු ජීවිතක්ෂයට පත්වුණා.
පොලිස් විශේෂ බලකායට ලද තොරතුරකට අනුව එහි හදිසි වැටලීමක් සිදුකිරීමට සූදානම් වූ අවස්ථාව අතරතුර වූ පිපිරීම් හේතුවෙන් අදාළ පොලිස් නිළධාරීන් තිදෙනා ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මියගියේ පොලිස් කොස්තාපල්වරුන් වන ලහිරු දුලාංජන, භාතිය සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ සඳුන් බණ්ඩාර නම් නිළධාරීන් බවයි වාර්තා වන්නේ.
මේ සමාජජාලා මාධ්‍යයන්වල පළවන ඔවුන්ගේ ඡායාරූපයි.
