Gossip

කොළඹ ආරක්ෂාවට 1000 කට වැඩි යුද හමුදා භට පිරිසක් යොදවයි

පුද්ගලයන් 290 දෙනෙකුට ජීවිත අහිමි කරමින් තවත් 450කට අධික පිරිසකට තුවාල සිදුකරමින් ස්ථාන 08ක සිදුවු පිපිරීම් සම්න්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකායට අමතරව ත්‍රිවිධ හමුදාව ආරක්ෂක කටයුතු සඳහා යොඳවා ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කොළඹ ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා දහසකට අධික යුද හමුදා භට පිරිසක් යොදවා ඇති බව යුධ හමුදාව පවසනවා.

කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ වල ආරක්ෂාව ගුවන් හමුදාවට පවරා තිබෙනවා.

විදෙස් ගතවන පුද්ගලයන්ට කිසියම් තොරතුරක් දැනගැනිමට අවශ්‍ය නම් 116 දුරකනථන අංකයෙන් විමසීමක් කරන ලෙස ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

මීට අමතරව පොලිස් මුලස්ථානයේ, ආරක්ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත.

ආරක්ෂක අමාත්‍යංශයේ දුරකථන අංක 0112 322 485 ඔස්සේ ප්‍රහාරය පිළිබඳ තොරතුරු විමසීය හැකියි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!