මේ දවස්වල හැමෝම වගේ කතා කරන්නේ වනාන්තර විනාශය ගැන සහ ඒවා රැක ගැනීම ගැන.
මේ කතා බහ අතරේ අපූරු වැඩක් පටන් ගත්තු තරුණයෙක් ගැන අපිට කෑගල්ල පැත්තෙන් අහන්න ලැබුණා.
ඔහු ප්රනීත් මධුසංඛ රත්නායක.
ප්රනීත් ජංගම දුරකථන අලෙවි කිරීමේ ව්යාපාරකයක් පවත්වාගෙන යනවා.
ඔහුගෙන් මිලදී ගන්නා හැම දුරකථනයකටම වටිනා කුඹුක් පැලයක් දෙන්න ප්රනීත් කටයුතු කරලා.
මේ වැඩේට අන්තර්ජාලය පුරාම ලොකු ප්රතිචාරයක් ලැබී තිබුණා.