Gossip

නියඟයෙන් බැටකන මධ්‍යම කඳුකරය‌ට කෘතිම වැසි වස්සවයි -කෘතිම වැසි ඇති කරන්න වලාකුළු මත රසායනික ද්‍රව්‍ය මුදා හරියි

මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ කෘත්‍රිම වැසිඇති කිරීමේ ව්‍යාපෘතිය අද දිනයේ ක්‍රියාවට නංවා තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වයි 12 ගුවන් යානයක් මවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහළින් වු වලාකුළුවලට ඉහළින් කෘතිම වැසි ඇති කිරීම සදහා ගුවන් යානයෙන් රාසායනික ද්‍රව්‍ය යොදා ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

ගුවන් හමුදා නිලධාරියෙකු ප්‍රකාශ කරන්නේ කටුනායක ගුවන් තොටුපොලේ සිට අද උදෑසන ගුවන් ගත වු වයි 12 ගුවන් යානයෙන් මාවුස්සාකැලේ ජලාශයට අඩි 8000 ඉහළින් වූ වලාකුළු මතින් පියාසර කර විනාඩි 45ක කාලයක් කෘතිම වැසි ඇති කිරීම සඳහා වලාකුළු මත රාසායනික ද්‍රව්‍ය මුදා හැර ඇති බවයි.

ලංකා විදුලි බල මණ්ඩලයේ ඉල්ලීමක් මත තායිලන්තයේ සිය මෙරටට පැමිණි විශේෂ ඉංජිනේරුවන් පිරිසක් කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා.

1980 වසරේද කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල කෘතිම වැසි ඇති කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථකව සිදු කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!