Gossip

ජනප්‍රිය තරුණ නිළි අනුරාධා එදිරිසිංහ පෙම්වතා ගැනත් විවාහය ගැනත් හෙළි කරයි

පුංචි තිරයෙන් රසික හදවත් ආදරයෙන් දිනාගත්තු ජනප්‍රිය තරුණ නිළියක් තමයි අනුරාධා එදිරිසිංහ කියන්නේ.
මේ දවස්වල දෙරණ ටීව් ඔස්සේ ඔබේ ආලින්දයට එන රාවණා කතාවෙනුත් ඇය ඔබට සමීප වෙනවා.
අනුරාධාගේ අලුත්ම තොරතුරු සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

අනුරාධා කියන්නේ වෘත්තීමය නිළියක්ද?
මගේ වෘත්තිය මේක කියනවාට වඩා මම වෙන දෙයක් කරන්නේ නැහැ. මේ ක්ෂේත්‍රයේ වැඩවලම නිිරත වෙනවා කියන්න තමයි කැමැති.

ඔබ නිළියක්වීම ගැන ඔබගේ පවුලේ අයගෙන් ලැබෙන ප්‍රතිචාර මොනවාද ?
බලපෑමක් නැහැ. එයාල මම කරනදේ ගැන සතුටු වෙනවා කියලා මම දන්නවා හා මම රගාපන ටෙළි නාට්‍ය නරඹලා ඒ අය සතුටු වෙනවා මම දැකලා තියෙනවා.
විශේෂයෙන්ම මගේ අම්මා මං ගැන කරන දේ ගැන සතුටින් ඉන්නේ.

එක වසරක එක නිර්මාණයක පමණක් රගපෑම ආර්ථිකමය වශයෙන් සෑහීමකට පත්විය හැකි කාරණයක් ද?
නැහැ. නමුත් මම රූපවාහිනී වෙළෙද දැන්විම් නිරූපිකාවක් විදිහට වැඩ කරනවා.

අනුරාධාගේ ඉදිරි අපේකෂාවන් මොනවාද?
මම තවම මේ ක්ෂේත්‍රයට අලූත් කෙනෙක්නේ. මම රංගනයට ආවේ අහම්බයෙන්. මාව රූපවාහිනී වෙළෙද දැන්වීම්වල දැකලා ටෙලි නාට්‍ය වලට ගත්තා.
මේ වෙනකොටත් මම අනෝජා වීරසිංහගේ අභින පාඨමාලාවේ අවුරුදු හතරක් තිස්සේ හදාරමින් ඉන්නවා. ජීවිතයේ මම කවදාවත් මේ දේ ඕනෑ කියලා බලාපොරොත්තුවෙන් ඉඳලා නැහැ. ලැබෙන දේ භාරගත්තා මිස මම හැමදාම ආස වුණේ මගේ පවුලේ අය සතුටින් ඉන්නවා දකින එකයි.

අහම්බයෙන් නිළියක් වූ අනුරාධාගේ අරමුණ වූයේ කිනම් ක්ෂේත්‍රයක්ද ?
තාත්තාගේ බලාපොරොත්තුව වුණේ මම වෛද්‍යවරියක් කරන එක.
ඒ තාත්තාගේ සහෝදරයාගේ දුවලා දෙන්න වෛද්‍යවරියන්වීම නිසා වෙන්නැති. නමුත් පොඩිකාලේ ඉදන්ම මගේ අපේක්ෂාව වුණේ නීතිඥවරියක් වෙන එක.
මම ඉගෙන ගත්තේ ඒ අරමුණ වෙනුවෙන්. දැන් ඒ අධ්‍යාපනය අතරමග නැවතිලා තියෙනවා.

ඒ කියන්නේ ඔබ දැන් ඒ හීනය අතහැරලා කියන කාරණයද ?
ලැබෙන වැඩ එක්ක මම ඉදිරියට ගියා. නමුත් තවමත් ඒ හීනය හැබෑ කරගන්නා තැනට යන්න බැරිකමක් නැහැ. බලමු ඉදිරියේදී.

අනුරාධා ඔබ දැන් පෙම්වතියක්ද?
නැහැ.

ඔබ ජීවිතයෙන් ආදරය දුරස් කරලාද?
අප පාසැල්වියේ ඉද්දි පෙම් සබදතාවයක් පටන් ගන්න එපා ඉගෙන ගන්න කියලා දෙමව්පියෝ වැඩිහිටියො කියනවානේ.
ඒත් අපි කවදාකවත් ඒ වයසේදි ආදරයක් පටන් ගන්න එක සුදුසු නැහැ කියලා තේරුම් ගන්නේ නැහැ. දැන් මට අවුරුදු විසිපහයි.
දැන් අපි ඉන්නේ දැනුම් තේරෙන වයසේ. දැන් දැනෙනවා ඒ කාලෙ දෙමවුපියො කියපු දේ හරි කියලා මම හිතනවා අපිට දැනුම් තේරුම් තියෙන වයසේදි ආදරය කරන්න පුළුවන් නම් එක් මරු කියලා.

අනුරාධා දැන් විවාහ විය යුතුයි කියන යෝජනාව පවුලේ අයගෙන් එන්නේ නැතිද ?
දැනට නම් එහෙම දෙයක් නැහැ.

උපුටා ගැනීමකි

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!